Thursday, July 24, 2014
--> It is currently Thu Jul 24, 2014 2:53 am



Reply to topic  [ 11 posts ]  Go to page 1, 2  Next
 තරුවක් නොවන තරුවක් - ලොව හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව ලංකාවේ 
Author Message
Staff Member
Staff Member
User avatar

Joined: Tue Oct 26, 2010 4:42 pm
Posts: 5522
Post තරුවක් නොවන තරුවක් - ලොව හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව ලංකාවේ
තරුවක් නොවන තරුවක් - ලංකාවට බතික් ගෙනා සෝම උඩබාගේ

Image is hidden from guests, please register and login to view the Image

_________________
Image is hidden from guests, please register and login to view the Image


Last edited by FIDE on Thu Jan 19, 2012 11:31 pm, edited 3 times in total.



Sat Jan 22, 2011 7:05 pm
Profile
Staff Member
Staff Member
User avatar

Joined: Mon Nov 01, 2010 4:33 pm
Posts: 719
Post Re: තරුවක් නොවන තරුවක් - ලංකාවට බතික් ගෙනා සෝම උඩබාගේ
thanks for bringing an interesting article about her.


Sun Jan 23, 2011 12:16 am
Profile
SLS Noble
SLS Noble
User avatar

Joined: Mon Nov 15, 2010 6:36 pm
Posts: 619
Post Re: තරුවක් නොවන තරුවක් - ලංකාවට බතික් ගෙනා සෝම උඩබාගේ
Thanks FIDE for sharing this news with us.

_________________
Attack is the best form of defence.


Sun Jan 23, 2011 4:08 pm
Profile
Staff Member
Staff Member
User avatar

Joined: Wed Nov 10, 2010 10:19 am
Posts: 3385
Location: kuwait
Post Re: තරුවක් නොවන තරුවක් - ලංකාවට බතික් ගෙනා සෝම උඩබාගේ
methumiyage kathawen loku deyak kiyawenawa samajaya gana

ekin eka kata karanna tharam watinawa
methumiyage samiya methumiyagen wen wunath ohu methumiyawa indiyawata yawala iganwima
ekala kuda karmantha departhamenthuwata danata wada aluth deyakata atha deeme hakiyawa
agama darmaya kerehi ayage athi kapaweema

me wage godak dewal hithanna thiyanawa

_________________
LOVE U GUYS


Sun Jan 23, 2011 5:34 pm
Profile
Staff Member
Staff Member
User avatar

Joined: Tue Oct 26, 2010 4:42 pm
Posts: 5522
Post Re: තරුවක් නොවන තරුවක් - Dr ශිරාණි බණ්‌ඩාරනායක
ගිනිගත්හේන ප්‍රාථමිකයේ සිට අගවිනිසුරු ධුරය දක්‌වා...


ලොව ප්‍රථම අගමැතිවරිය බිහිවූයේ ශ්‍රී ලංකාවෙනි. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය අගමැති තනතුරට පත්වූ පළමු කාන්තාව වීමත් සමගම ලොව පුරා, විශේෂයෙන් ආසියාවේ කාන්තාවනට පෙර නොවූ විරූ ශක්‌තියක්‌ ලැබිණි. රටේ පාලනයට පමණක්‌ නොවේ පරිපාලනයේ ඉහළම තනතුරුවලටද කාන්තාවගේ දායකත්වය ලැබෙන්නට විය. ඒ සඳහා උගත්කම අත්‍යවශ්‍ය සාධකයක්‌ වීම නිසා කාන්තාවෝ පෙරට වඩා අධ්‍යාපනය අතින් තව තවත් සන්නද්ධ වන්නට වූහ.

සිරිමාවෝ මැතිනියගෙන් පසු ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි, පාකිස්‌ථානයේ බෙනාසිර් බූතෝ, බුරුමයේ අවුන්සාන් සුකී, බංග්ලාදේශයේ සෙයික්‌ හසීනා, ඉන්දියාවේ සෝනියා ගාන්ධි වැනි චරිත දේශපාලන කරළියේ ප්‍රබල වන්නට විය.

ආසියාවේ කාන්තාවන් අතුරින් අපේ රටේ කාන්තාව ඉතාමත්ම ඉදිරියෙන් සිටින්නීය. ලොව ප්‍රථම අගමැතිවරිය සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ දියණිය චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරිය වූවාය. ඊට පෙර ඕ ශ්‍රී ලංකාවේ ප්‍රථම මහඇමැතිවරිය ලෙසද වාර්තාපොතට නම එක්‌ කළාය.

කලා ක්‍ෂේත්‍රය දෙස අවධානය යොමු කළොත් ලෝකයේ දක්‍ෂතම නිළිය ලෙසින් ජගත් සම්මානයට පාත්‍රවූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙසට අනෝජා වීරසිංහ මහත්මිය පත්වූවාය.

ක්‍රීඩාව ද එසේමය... සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකාවට ඔලිම්පික්‌ පදක්‌කමක්‌ ගෙන ආ ප්‍රථම කාන්තාව වූවාය.

දැන් නීති ක්‍ෂේත්‍රයෙන්ද අපේ රටේ කාන්තාව පෙරමුණේ සිටී... ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම අගවිනිසුරුවරිය පසුගිය දා දිවුරුම් දීමත් සමඟිsනි.

ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය මෙරට අග්‍රවිනිශ්චයකාර තනතුරට පත්වූ ප්‍රථම කාන්තාව ලෙස සමස්‌ත කාන්තා පරපුරටම අභිමානයක්‌ ගෙන එන්නීය.

අගවිනිසුරු තනතුරට පත්වූ පළමු කන්තාව පමණක්‌ නොව මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරියක්‌ ලෙස පත්වූ ප්‍රථම කාන්තාව වන්නේද ශිරානි බණ්‌ඩාරනායකය. එපමණක්‌ද නැත... නීතිය සම්බන්ධයෙන් විදේශ විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධිය (ඡයා සබ ක්‌අ) ලත් ප්‍රථම කාන්තාව වන්නේද ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියයි.

ශිරාණි බණ්‌ඩාරනායක කොළඹ හතේ ප්‍රභූ පැලැන්තියක කාන්තාවක්‌ නොවේ. ඇය ගමේ උපන්, ගමේ හැදී වැඩී, ගමේ පාසලෙන් ඉගෙනුම ලද වචනයේ පරිසමාප්ත අරුතින්ම ගැමිකම හඳුනන කාන්තාවකි.

ශිරාණි බණ්‌ඩාරනායක ඉපදුණේ කුරුණෑගලදීය. ඒ 1958 වසරේ අප්‍රේල් මාසයේය. ඇගේ පියා... විල්සන් බණ්‌ඩාරනායක විදුහල්පතිවරයෙකි... පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙකි. මව µaලෝරා බණ්‌ඩාරනායක ඉංග්‍රීසි ගුරුවරියකි. ඇගේ ආදරණීය පියාත්... මවත්... දෙදෙනාම අද ජීවතුන් අතර නොමැත. පවුලේ වැඩිමලා වන ශිරාණි බණ්‌ඩාරනායකට සිටින්නේ එකම නැගණියකි. රේණුකා බණ්‌ඩාරනායක. නැගණිය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියකි. ඇය දැන් විවාහ වී පදිංචිව සිටින්නේ ඕස්‌ටේ්‍රලියාවේය.

ශිරාණි අංශුමාලා සිසුවියට අන් දරුදැරියන්ට නොලැබෙන අත්දැකීමක්‌ පාසල් වියේදී විඳින්නට අවස්‌ථාව ලැබුණාය. ඒ ඇගේ පියා විදුහල්පතිවරයෙක්‌ වූ නිසාය. එකල විදුහල්පතිවරුනට වරින්වර ස්‌ථාන මාරුවීම් ලැබේ. ඒ නිසා විල්සන් සහ µaලෝරා යුවළට තම දූවරුන් දෙදෙනාගේ පාසල් ද මාරුකරන්නට සිද්ධ වූහ. පාසල් කිහිපයකටම ඉගෙනීමට ලැබීම... මේ දරුවන්ට අලුත් අත්දැකීමකි.

ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියගේ මව කෑගල්ල ශාන්ත ජෝශප් කන්‍යාරාමයේ ඉංග්‍රීසි ගුරුවරිය වූවාය. සංගීතය පිළිබඳවද ඇය හසළ දැනුමක්‌ හා දක්‍ෂකමක්‌ පෙන්වූවාය. පියා කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයෙන් බිහිවූ ප්‍රථම උපාධිධාරියාද විය.

ශිරාණි බණ්‌ඩාරනායක සිසුවිය එක්‌දහස්‌ නවසිය හැට දෙකේදී පළමුව ගිනිගත්හේන ප්‍රාථමික විදුහලට ඇතුළත් වූවාය. එවිට පියා සේවය කළේ ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙසය. ඉන්පසු නවසිය හැටපහේ දී ඇයට කෑගල්ල බාලිකාවට ඇතුළු වන්නට සිද්ධ වූවාය. ඒ පියාට හෙට්‌ටිමුල්ල බණ්‌ඩාරනායක විද්‍යාලයට ස්‌ථාන මාරුවක්‌ ලැබුණු බැවිනි.

හැටපහේදීම ශිරාණි සිසුවියට නැවතත් තෝලංගමුව ප්‍රාථමිකයට යන්නට සිදුවූවාය. හේතුව වූයේ පියාට තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස මාරුවක්‌ ලැබීමය. ඉන්පසු හැත්තෑවේදී තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළුවන ශිරාණි සිසුවිය හැත්තෑ දෙක දක්‌වා එහි ඉගෙන ගන්නීය. ඒ වනවිට පියාට පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ තනතුර හිමිවී තිබිණි. මේ නිසා හැත්තෑ හයේදී අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට ශිරාණි බණ්‌ඩාරනායක පාසල් සිසුවියට සිද්ධ වන්නේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවියක ලෙසිනි.

ඕ කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වූවාය. නවසිය අසූවේදී නීතිවේදී ගෞරව උපාධිය (ඛඛඊ) ලබා ගන්නා ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය නවසිය අසූ තුනේදී කොළඹ විශ්වවිද්‍යාලයෙන්ම නීතිය පිළිබඳ දර්ශනපති (ඵග ඡයසක) උපාධියද ලැබ ගත්තාය.

නොසැලෙන අධිෂ්ඨානයකින් ඉලක්‌කගත අරමුණක්‌ ඔස්‌සේ සැලැසුම්සහගත ගමනක්‌ ආරම්භ කළ ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය නවසිය අසූ තුනේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක ලෙස දිවුරුම් දෙමින් රටේ අගවිනිසුරුවරිය වීමේ එක්‌ කඩඉමක්‌ පසු කළාය.

සාර්ථකත්වය කරා පියවරෙන් පියවර... අඩිය තබමින්... දැනුමෙන්, බුද්ධියෙන් සන්නද්ධව අරමුණ කරා ගමන් කරන ආකාරය පිළිබඳ ආදර්ශමත් පාඩමක්‌ අපේ දරු පරපුරට කියාදෙමින් ඈ තවත් ඉදිරියටම ගියාය.

ශිරාණි බණ්‌ඩාරනායක... ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරිය ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළු වූවාය. අසූ හයේදී ඕ එම විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ලබන්නීය. ඒ විදෙස්‌ විශ්වවිද්‍යාලයකින් නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක්‌ හිමිකරගත් පළමු ශ්‍රී ලාංකීය කාන්තාව ලෙස ඉතිහාස පොතට එක්‌ වෙමිනි.

මේ වනවිට ශිරාණි බණ්‌ඩාරනායක නීතිඥවරිය තමන් උපාධිය ලබාගත් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙසද කටයුතූ කරමින් සිටියාය. අසූ එක වසරේ සිට ආරාධිත කථිකාචාර්යවරියක්‌, සහකාර කථිකාචාර්යවරියක්‌ ලෙස එම පීඨයට එක්‌වූ ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක කථිකාචාර්යවරිය අසූ හතේදී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති අංශයේ ප්‍රධානියා නැතිනම් අංශාධිපතිනිය වන්නීය. ඇය එම විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපතිනිය ද වීමට තරම් භාග්‍යවන්තියක්‌ වූවාය. ඒ නවසිය අනූ දෙකේදීය.

අවස්‌ථා කිහිපයකදීම කොළඹ සරසවියේ වැඩබලන උපකුලපති ලෙස කටයුතු කළ ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය අනූ තුනේදී නීතිය පිළිබඳ සහාය මහාචාර්යවරියක ලෙසද පත්වීම ලැබුවාය.

නවසිය අනූහය වසරද ඇයට ඉතාම වැදගත් වසරකි... ශ්‍රී ලංකාවේ ප්‍රථම අගවිනිසුරු වීමේ වාසනා මහිමයට හිමිකම් කීම සඳහාවන තවත් කඩඉමක්‌ පසුකරන්නට ශිරාණි බණ්‌ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියට හැකි වූවාය. ඒ මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරියක්‌ ලෙස දිවුරුම් දෙමිනි. එයද ඉතිහාස ගතවන අවස්‌ථාවකි. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවකු ලෙස පත්වූ ප්‍රථම කාන්තාව ලෙස වාර්තාවක්‌ තබමිනි.

ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස ඉතාම වැදගත් නඩු තීන්දු ගණනාවක්‌ ලබාදීමට දායක වූ ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය එකොළොස්‌ වතාවක්‌ වැඩබලන අගවිනිසුරුවරිය ලෙසද කටයුතු කළාය.

ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ලබාගත් ශිෂ්‍යත්ව සහ දෙස්‌ විදෙස්‌ සම්මානද රැසකි. නීතිය හා සම්බන්ධ ලිපි හා ශාස්‌ත්‍රීය ප්‍රකාශන ද ඇය විසින් පළකර ඇත.

මේ සා විශාල භාරදූර රාජකාරින් මැද ආදරණීය බිරිඳක්‌, මවක්‌ වශයෙන්ද සිය යුතුකම් ඉටුකිරීමට ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය උත්සුක වන්නීය. ඇගේ ආදරණීය සැමියා ප්‍රදීප් කාරියවසම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වර්තමාන සභාපතිවරයාය. කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු මෙන්ම ක්‍රිකට්‌ ක්‍රීඩාකයකුද වන කාරියවසම් මහතා අලෙවිකරණය සම්බන්ධ වෘත්තිකයෙකි. ජාත්‍යන්තර කළමනාකරණ උපදේශකවරයෙකි.

ශිරාණි බණ්‌ඩාරනායක අභිනව අගවිනිසුරුවරියගේ එකම පුතු ශවීන් බණ්‌ඩාරනායක කාරියවසම් ද පියා මෙන්ම රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි, සිය මව මෙන්ම ශවීන් ද විදෙස්‌ විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙකි. එංගලන්තයේ ස්‌ටැපඩ්ෂයර් විශ්වවිද්‍යාලයෙන් බහු විධ මාධ්‍ය පිළිබඳ විශේෂඥතා සහිතව පරිගණක විද්‍යාවේදී උපාධියක්‌ ශවීන් ලබාගෙන ඇත. ඒ පළමු පන්තියේ ගෞරව සම්මානයක්‌ද සමඟිනි. විභාගයේ ප්‍රථම ස්‌ථානයද ශවීන් හිමිකරගෙන සිටී.

ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය අගවිනිසුරු තනතුරේ දිවුරුම් දීම දක්‌වා පැමිණි ගමන් මගේදී පුරා වසර විස්‌සක්‌ විශ්වවිද්‍යාල මට්‌ටමින් නීතිය හැදෑරීමටත්, ආදරණීය මව හා පියා මෙන් මතු පරපුරට ශිල්ප ඥනය ලබාදීමටත් කටයුතු කළාය. පසුව ශ්‍රී ලංකාවේ තිබෙන ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරියක්‌ ලෙස නීතිය හා යුක්‌තිය පසිඳලීම සඳහා වසර දහසයක්‌ දායක වූවාය.

අද ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම අගවිනිසුරුවරිය ලෙස පත්ව සිටින්නීය. ඒ මහත් ඉවසීමකින් හා කැපවීමකින්, පියවරෙන් පියවර අඩිය තබමින් පෙරට ආ ගමනක ප්‍රතිඵලයකි. ඈ ආ මේ ගමන්මග අපේ රටේ මතු පරපුරට ආදර්ශයක්‌ වන බව නම් නිසැකය.

_________________
Image is hidden from guests, please register and login to view the Image


Sat May 21, 2011 5:24 pm
Profile
Very Special Member
Very Special Member
User avatar

Joined: Mon Nov 08, 2010 12:32 pm
Posts: 2492
Post Re: තරුවක් නොවන තරුවක් - Dr ශිරාණි බණ්‌ඩාරනායක
meyath ithin chandrika awa wagema thamai...
kelinam path wela awa.... chandrikane kelinma
meyawa shreshtadhikaranayata path kale...
shirani anshumala ...anshuwak tharamwath rata
gena hithuwoth hondai..


Mon May 23, 2011 7:50 am
Profile
Staff Member
Staff Member
User avatar

Joined: Tue Oct 26, 2010 4:42 pm
Posts: 5522
Post Re: තරුවක් නොවන තරුවක් - දෛවයේ අඳුරු ඉරණම වෙනස්‌ කළ ඉසුරිකා
දෛවයේ අඳුරු ඉරණම වෙනස්‌ කළ ඉසුරිකා

දෛවයේ අඳුරු ඉරණම වෙනස්‌ කළ ඉසුරිකා
කවදාවත් අකුරු ලියන්න බෑ කියපු අතින් විභාගයට ලිව්වා - ප්‍රතිඵල "එ" දෙකයි "බී" එකයි

රුසියානු ලේඛක මිහායිල් ලෙරමන්තොව් ලියා දැදිගම වී රොද්‍රිගූ සිංහලයට පෙරලන ලද සැබෑ මිනිසෙකුගේ කතාවක්‌ නවකතාව අලුත් ප්‍රවේශයකින් යළිත් ලියෑවූ සේය.

සැබෑ මිනිසෙකුගේ කතාවක්‌ ලියෑවෙන්නේ ගුවන් නියමුවෙකු ගැනය. ගුවන් අනතුරකට ලක්‌ව අසීරුවෙන් ජීවිතය බේරාගැනීමෙන් අනතුරුව දෙපා කපා වෙන්කර දැමූ පෙචොරින් නම් ගුවන් නියමුවා අප්‍රතිහත ධෛර්යයෙන් හා විශ්වාසයෙන් යුතුව ජීවිතය ගොඩනන්වාගෙන යලිත් ගුවන් යානයක්‌ පැදවූ අයුරු ගැන කියෑවෙන සැබෑ මිනිසෙකුගේ කතාවක්‌ නම් වූ ඒ සත්‍ය කතාව එදවස සලකනු ලැබුවේ මිනිසෙකුගේ ප්‍රමාණය පිළිබ`දව වන විශ්වීය නිදර්ශනයක්‌ ලෙසය.

මේ අප අසමින් හිඳිනා කතාවත් ඒ සිදුවීම් වැලත් අතර වන පුදුමාකාර සමානත්වයක්‌ දකිමු. ඒ සාම්‍යය හදවත විනිවිදී. ආත්ම විශ්වාසය සහිත ගැහැණියකගේ හෝ මිනිසෙකුගේ ප්‍රමාණය කෙතරම් විශාල දැයි සිතෙන්නේ මෙවැනි කතා අසන විටය. එමෙන්ම අප මොනතරම් පොහොසත් දැයි සිතෙන්නේ මෙබ`දු තරුණ තරුණියන් එකෙක්‌ දෙන්නෙක්‌ හෝ අපේ රටේ සිටිනා බව දැනෙන විටය.

මේ කතාව කියන්නේ මෙවර උසස්‌ පෙළ විභාගයට පෙනීසිටි තරුණ සිසුවියෙකි. ඇය ඉසුරිකා තිලකරත්නය. ගම මහව මොරගොල්ලය. ඉසුරිකා ඉගනගත්තේ මහව විජයබා ජාතික පාසලේය. පසුගිය වසරේ රිය අනතුරකට ලක්‌ව ඇගේ දකුණු අත කැඩී වෙන්වී ගොස්‌ අත පණ නැතිව එසවීමට පවා නොහැකි සේ අබාධිත වූවාය. ඉන්පසු වමතින් අකුරු හුරුකරගෙන විටෙක පණ නැති අතේ ඇ`ගිsලි අතරට පෑන සිරකරගෙන පසුගිය උසස්‌පෙළ විභාගයට ඈ උත්තර ලිව්වාය. පණ නැති අතේ ඇ`ගිලි අතරට අලුව සිරකරගෙන වයලීනය කකුලක්‌ මත තබා චලනය කරවමින් වයලීනය වයා උසස්‌පෙළ සංගීතය විෂය ස`දහා ප්‍රායෝගික පරීක්‌ෂණයට පෙනී සිටියාය. ඇය ඒ සාමාර්ථ දෙකක්‌ හා බී සාමාර්ථයක්‌ සහිතව අද උසස්‌පෙළ සමත්වී හිඳින්නීය. විශ්මය ජනක වන්නේ පණ නැති අතින් වයලීනය වයමින් සංගීතය විෂය ස`දහා ද ඇය ඒ සාමාර්ථයක්‌ හිමිකර ගැනීමය.

ඉසුරිකා අපට කියන්නේ ආත්ම විශ්වාසයෙන් පිරුණු තරුණියක්‌ දෛවය පරදවනලද ආකාරය පිළිබ`දව වන ඒ අසිරිමත් කතාවය. ඒ කතාව අපි ඇගේ ස්‌වරයෙන්ම මෙසේ සටහන් කර තබමු.

මම උපන්නේ මහව මොරගොල්ල කියන ගමේ. තාත්ත වඩු කාර්මිකයෙක්‌. අම්මා කළුවරවත්තෙ මෝටර් බයිසිකල් වැඩපොලක ජැකට්‌ මහනවා. මට ඉන්නෙ නංගි විතරයි. නංගි මේ පාර ඒ ලෙවල් කරන්න පටන්ගත්තා.

මේ සිද්ධිය උනේ පහුගිය 2010 අවුරුද්දෙ. හරියටම මැයි 16 වෙනිදා. අපේ ගමේ කට්‌ටියයි අල්ලපු ගමේ කට්‌ටියයි එකතුවෙලා යාපනේ ටි්‍රප් එකක්‌ ගියා. අපේ ගෙදර කට්‌ටියත් ඒ ගමනට එකතු උනා. පහුවෙනිදා අපි එන්න පිටත් වුනා. එදා රෑ හතයි තිහට විතර ඇති. අපි හිටියෙ මැදවච්චියෙ. හරිම තෙහෙට්‌ටුවෙන් හිටියෙ. මම බස්‌ එකේ ඉස්‌සරහ සීට්‌ එකට අත තියාගෙන අත උඩින් ඔළුව තියන්

නිදියගෙන උන්නෙ. එකපාරටම ලොකු සද්දයක්‌ ආවා. මට මහා වේදනාවක්‌ දැනුණා. ඒ වෙනකොට මට ඒ ලෙවල් ලියන්න මාස තුනක්‌ විතර කාලයක්‌ තිබුනෙ. මට තේරුණා මට මොකක්‌ හරි ලොකු අනතුරක්‌ උනා කියලා. ඒ වෙලාවෙ එකපාරටම මතක්‌ උනේ මගෙ විභාගෙ. මට විභාගෙ කරගන්න බැරිඋනොත් හැමදේම ඉවරයි නේද කියලා හිතුනා.

මට කිසිදෙයක්‌ මතක නෑ ඉන්පස්‌සෙ වෙච්චි. සිහිය එනකොට මම හිටියෙ ඉස්‌පිරිතාලෙ ඇෙ`ද්. කලු ගල් පුරෝගත්තු ටිපර්එකක්‌ බ්‍රේක්‌ නැතිව අවිත් අපේ බස්‌එකේ වැදිලා. මට ඉස්‌සරහ ජනේලෙ කඩාගෙන ඇවිත් ටිපර් එක මගෙ ල`ගින් නැවතිලා. මට කෑ ගහලා ඇ`ඩුනා. අනේ මගෙ දකුණු අත වැලමිට ල`ගින් හො`දටම කැඩිලා. ඇටකටු කුඩුවෙලා හමෙන් එල්ලි එල්ලි අත කෑලි දෙකකට තිබිලා තියෙන්නේ. විභාගෙට මාස හතරයි. මට පුදුම දුකයි. මගෙ යාලුවො සේරම විභාගෙට ලියනවා. දැන් මට හො`දටම පැහැදිලියි විභාගෙ ලියන්න බෑ කියලා. මම හිතුවා කමක්‌ නෑ ලබන අවුරුද්දෙ මම කොහොමහරි හො`දවෙලා විභාගෙ ලියනවා කියලා හිතල ඒ අවුරුද්දෙ මෙඩිකල් දැම්මා.

මාස ගානක්‌ මම ඉස්‌පිරිතාලෙ හිටියා. අතේ තුවාල හො`ද උනා. ඒත් අනේ මගෙ අත පණ නෑ. මම ඇහුව දොස්‌තර මහත්තයගෙන් මට ලියන්න පුලුවන් වේවිද කියලා. ඇත්තටම ඒ වෙනකොට ලියනවා තියා මට මගේ අත එහෙ මෙහේ කරගන්නවත් බෑ. ස්‌නායු වැඩ කරන්නෙ නෑ. අත පහළට එල්ලිලා තිබුණෙ. මට දොස්‌තර මහත්තයා කතා කරලා මෙහෙම කිව්වා.

පුතේ.. මේ කපලා දාන්න තිබුණු අතක්‌. මේ තත්වෙට ගොඩ අරන් අත කපන්නේ නැතිව ඉතිsරි කරගත්තේ ගොඩක්‌ අමාරුවෙන්. මොන ලෝකෙ ගියත් ඔයාට මේ අතින් ලියන්න පුලුවන් විදියට හදාගන්න ලැබෙන්නෙ නෑ. දැන් හිත හදාගෙන ජීවිතයට මූණදෙන්න.

මම සංගීතෙ ගැන අහන්න ගියෙවත් නෑ. අතින් ලියන්න බෑ කියලා කියනකොට වයලීන් ගහන්න පුලුවන් වෙයිද කියලා අහලා වැඩක්‌ තියනවද?. එත් මට සංගීතෙ පාස්‌ වෙන්නම ඕන. මං සංගීතෙට එච්චර කැමතියි. හයේ පන්තියෙන් පස්‌සෙ සංගීතෙ කරන්න ඕනහින්දා මං කුලියපිටිය බිබිලදෙණිය ඉස්‌කෝලෙට ගියා. ඊට පස්‌සෙ මහව විජයබා ජාතික පාසලට ආවා. දැන් මේ අය කියන විදියට මට ජීවිතකාලෙටම වයලින් ගහන්න බෑ.

මට ඇ`ඩුම් ආවා. ඒත් ඉස්‌පිරිතාලෙ නර්ස්‌ලා කිව්වා ඔයාට මේ අතින් ලියන කියන වැඩ කරන්න බැරිවේවි. ඒ හින්දා අනික්‌ අතින් අද ඉ`දලම ලියන්න පුරුදුවෙන්න කියලා. ඒ අය මට සංගීතෙ කරන්න පුලුවන් වෙයි කියලා කිව්වෙ නෑ. ඒ ගැන කතාකළේවත් නෑ. මම හිතුවා කොහොමහරි මම වම් අතින් ලියන්න පුරුදු වෙනවා, කොහොමහරි සංගීතෙත් කරනවා කියලා.

අපි ගොඩක්‌ දුක්‌ විඳින මිනිස්‌සු. අම්මයි තාත්තයි තාමත් අපි වෙනුවෙන් දුක්‌ විඳිනවා. මගෙ ඉස්‌සරහ තිබුණෙ ජීවිතේ හැමදේම ගැන තීරණය කරන අභියෝගයක්‌. ඉස්‌පිරිතාලෙන් ගිය දවසේ ඉ`දලා මම මුලින්ම වමෙන් ලියන්න හුරුඋනා. ඒක හරිම අමාරු වැඩක්‌ . ඒත් එකදිගට මම ඒක කළා. මාස කීපයක්‌ යනකොට අකුරු ලස්‌සනට රවුමට ලියන්න පුලුවන් උනා. දැන් මගේ වම් අතින් ලියන අකුරු ලස්‌සනයි. ඒත් මට පුරුදු වේගෙන් ලියන්න බෑ. මට නිකමට හිතුනා පණනැති වම් අතේ ඇ`ගිලි අතරට පෑන හිරකර ගත්තොත් ලියන්න බැරිවෙයිද කියලා. ඒකට මුලින්ම අත යම් ප්‍රමාණෙකට උස්‌සගෙන ඉන්න ඕන. ඒත් අත උස්‌සගන්න බැරිව කිසිදෙයක්‌ කරන්න බෑනෙ. මුලින්ම කුරුණෑගල හොස්‌පිට්‌ල් එකට ගියා. එතනින් කිව්වා අත මේ තියන ප්‍රමාණෙට වඩා හදන්න බෑ කියලා. ඊල`ගට කොළඹ ආවා. කොළඹින් කිව්වෙත් ඒ කතාව. පස්‌සෙ මට ආරංචි උනා හලාවත හොස්‌පිට්‌ල් එකේ ඩොක්‌ටර් කෙනෙක්‌ ගැන. අන්තිමට හලාවතට ආවා. ඒ දොස්‌තර මහත්තයා මගේ අතට ප්ලේට්‌ එකක්‌ දැම්මා. ඒකෙන් අත ටිකක්‌ උස්‌සන්න පුලුවන් උනා. ඒත් අත වැලමිට ල`ගින් නමන්න දිගඅරින්න පුලුවන් උනේ නෑ.

විභාගෙ ල`ග එනකොට මට වමෙන් ලස්‌සනට ලියන්න පුලුවන්. ඒත් වේගයෙන් ලියන්න බෑ. ඇ`ගිලි වැඩකරන්නෙ නැති හින්දා දකුණු අතින් ලියන්න බෑ. මම උත්සාහ කළා දකුණු අතේ ඇ`ගිලි වලට පෑන හිරකරගෙන අත හොල්ල හොල්ල ලියන්න. මුලින්ම ඇ`දුනෙ බලි කුරුටු. හැබැයි ටිකක්‌ උත්සාහ කරනකොට අකුරු ලියාගන්න පුලුවන් උනා. හැබැයි අන්තිම කැතයි. ඒත් වේගයෙන් ලියාගන්න පුලුවන් විදිහට පුරුදු උනා. අතේ චලනයන් යම් තරමකට හරිගියා. කවදාවත් අකුරු ලියන්න බෑ කිව්ව අතින් මම කොහොමහරි විභාගෙට ලිව්වා.

ඊල`ග අභියෝගෙ සංගීතෙ ප්‍රැක්‌ටිකල් කරන එක. අත උස්‌සන්න පුලුවන් උනාට අතේ චලනයන් කරන්න බෑ. මට අම්මා පොඩි බංකුවක්‌ හදලා දුන්නා. ඉ`දගෙන බංකුව උඩින් කකුල තියාගත්තාම කකුල ඉස්‌සෙනවා. මං කරන්නෙ කකුල උඩ වයලීන් එක තියලා උරහිසට තදකරගන්නවා. බෝ එක වයලීන් එකේ කම්බි උඩ ර`දවලා නමන්න බැරි අතින් තද කරගන්නවා. පස්‌සෙ අතින් කරන්න ඕන බෝ එකේ චලනයට ගැලපෙන විදියට කකුල චලනය කරනවා. මේක ඇහුවාම පුදුමයක්‌ වගේ හිතෙයි. හැබැයි මම කොහොමහරි පුරුදු උනා. පුරුදුවෙලා ප්‍රැක්‌ටිකල් ටෙස්‌ට්‌ එක කළා. මිනිස්‌සු කිව්වෙ කවදාවත් මට මියුසික්‌ කරන්න බැරිවේවි කියලා. හැබැයි මම ඒකත් කළා.

ප්‍රතිඵල ආවා. මට පුදුම තරම් සතුටුයි. ඒ දෙකයි බී එකයි . වැදගත්ම දේ සංගීතෙට ඒ එකක්‌. සිංහල වලටත් ඒ එකක්‌. තර්ක ශාස්‌ත්‍රයට බී එකක්‌. තර්ක ශාස්‌ත්‍රයට මම රීê කරෙක්‌ෂන් දැම්මා. මොනව උනත් මම පළවෙනි පාරෙන්ම කැම්පස්‌ තේරිලා. ඒක ආපහු ජීවිතේ ලැබුණා වාගෙ දෙයක්‌.

ඇය සිනාසෙනු අසා හිඳිමු. දැන් අත හො`දද?. ඇයව විමසමි.

තවම නෑ. ඒත් දැන් ටික ටික හරියාගෙන එනවා. තවම මැණක්‌කටුවෙන් උඩ වැඩකරන්නෙ නෑ. මගෙ කොණ්‌ඩෙවත් තනියම බැ`දගන්න අමාරුයි.

ඉසුරිකා කතාකරන්නේ මහා අභිමානයෙනි. ඇයට ආඩම්බර වීමට ඕනෑතරම් හේතු තිබේ. ඇය දෛවය පැරදවූ තරුණියකි. සරල සිත් තැවුලකට වුවද සියදිවි හානි කරගන්නට පෙළඹෙන, හීනමානය හෝ භින්නවූ ආත්ම විශ්වාසය නිසා ජීවිතය කාලකණ්‌නි කරගනු ලබන මේ රටේ කරඇඹූ තරුණ පරම්පරාවට ඉසුරිකා තිලකරත්නලා කියාදෙන්නේ පාඩම් නොව, පාඨමාලාවන්ය.

කාලකණ්‌නිකම වන්නේ එය අවබෝධකර ගැනීමට ඇවැසි සංයමය හෝ සංවේදනයන් මේ මිනිස්‌සුන් තුළ නොමැතිවීමය.


Irida Divain 07012012

_________________
Image is hidden from guests, please register and login to view the Image


Sun Jan 08, 2012 4:51 am
Profile
SLS Gold Members
SLS Gold Members
User avatar

Joined: Mon Nov 08, 2010 10:35 pm
Posts: 403
Post Re: තරුවක් නොවන තරුවක් - දෛවයේ අඳුරු ඉරණම වෙනස්‌ කළ ඉසුරිකා
හොදට හොයල බැලුවොත් මේ වගේ සිය ගනණක් හොයාගන්න පුළුවනි ජීවිත සටනින් ජයගන්න නොවිදිනා දුක් විදි ඒ දුක් මතින්ම ජීවිතය ගොඩනගාගත්තු අය මේ නංගියත් ගොඩක් විශේෂයි කෙටි කාලයකින් අහිමි උණු සිහිනයක් සැබෑ කරගත් කෙනෙක් මේ අය විදින දුක් දිහා බලද්දි අපි මොන තරම් පිං කරලද කියල හිතෙනව ....
බොහොම ස්තූතියි FIDE අයියේ මේක අපිට දකින්න සැලැස්සුවට .....


Sun Jan 08, 2012 8:54 am
Profile
Staff Member
Staff Member
User avatar

Joined: Tue Nov 09, 2010 11:44 pm
Posts: 2427
Location: Milwaukee, WI, USA
Post Re: තරුවක් නොවන තරුවක් - දෛවයේ අඳුරු ඉරණම වෙනස්‌ කළ ඉසුරිකා
Prof Shirani Bandaranayake saha me dhairyamath sisuviya gena liyawuna lipi dekama den kiyewwa.

_________________
Go Pats!...


Sun Jan 08, 2012 9:17 pm
Profile
Staff Member
Staff Member
User avatar

Joined: Tue Oct 26, 2010 4:42 pm
Posts: 5522
Post Re: තරුවක් නොවන තරුවක් - ලොව හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව ලංකාව
ලොව හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව ලංකාවේ ලලිතා පද්මිණී

සුදු හාමිනේ ‍පොත් මිටිය තුරුළු කරගෙන ගෙදරින් එළියට බැස්සේ පාන්දර පහයි පනහේ බසය අල්ලා ගන්නටය. තුණුරුවන්ගේ සරණයි පරිස්සමින් යන්න පුතේ. මේ දවස්වල අලි රංචුවක් ගම වටේ කර ගහනවා” තාත්තා සුදු හාමිනේට කීවාය.
අලි හිටියත් කොටි හිටියත් සුදු හාමිනේ පහයි පනහේ බසය අල්ලන්නට පාරට යා යුතුය. එසේ නොවුණහොත් ඈට වෙන්නේ ඉස්කෝ‍ලේ නොගොස් ගෙදර නවතින්නටය.
“ඊයේ රෑත් තොප්පිගල පැත්තෙන් වෙඩි සද්ද ඇහුණා. කෝකටත් පාර දෙපැත්ත ගැන හොඳට ඇහැගහගෙන යන්න.” අතරමගදී හමු වූ අසල්වැසියකු සුදු හාමිනේට කීවේය.
තාත්තා ආදරයට සුදු හාමිනේ කියා කතා කළාට ඇගේ නම ලලිතා පද්මිණිය. ඈ පවු‍ලේ ලොකු දෝණිය. අලි කොටි වළසුන් මැද ජීවත් වීමට පෙර ඈ හුන්නේ ගාල්ලේ, බද්දේගම, ඉහළ කීඹියේය. ලලිතාගේ මව කමලාවතීය. තාත්තා සැමීය. ලලිතා උපන්නේ එක් දහස් නවසිය හැට නවයේ මාර්තු විසි පස්වැනිදාය.
බද්දේගම ගත කළ කාලය, ගැන ඈට තිබුණේ ඡායා මතකයකි. සන්දරවල රතනසාර ඉස්කෝ‍ලේ බාලාංශ පන්තිවල අකුරු කළ වසර කීපය ලලිතාට යන්තමට මතකය. මහවැලියෙන් ගොඩින් මඩින් ඉඩම් ලැබුණු සැමී සිය දරු පවුල සමග දිඹුලාගල පදිංචියට ආවේ හැත්තෑව දශකයේ අග හරියේය.
දිඹුලාගල පදිංචියට පැමිණි මුල් කාලය ලලිතාට සිහිපත් වූවාය. හතර වටින් මහ වනයක ගිලාගත් දිඹුලාගල ගම්මුන්ට මැ‍ලේරියා වසංගතයෙන් ගැලවීමක් නොවීය. ගම්මු මැ‍ලේරියාවට කීවේ කැලෑ උණ කියාය. කැලෑ උණ හැදුණු ඈ කෙට්ටු වූයේ පරඬැලක් මෙනි. ලලිතාගේ පවු‍ලේ සියල්ලන්ටම උණ හැදුණත් පූරුවේ කළ පිනකටදෝ සියල්ලෝගෙම දිවි බේරුණි.
එකල සුදු හාමිනේගේ තාත්තාට කාසි බොහෝ හිඟය. ගොවිතැන පටන්ගත්තා පමණි. මේ නයින් ඔවුන් හුන්නේ ගොම මැටි ගෑ ‍පොල් අතු හෙවිළි කළ පැල්පතකය. වැහි කාලයට පැල්පත දෝරේ ගලන්නේය. දිරාගිය ‍පොල් අතු අතරින් වැටෙන වැහි බිංදු ගේ බිමට වැටීම නතර කිරීමට ඈ කුස්සියේ හට්ටි මුට්ට් ගේ පුරා තියන්නීය. පාඩම් ‍පොත් බේරා ගැනීමට ඉටිකොළවලින් වසන්නීය. වැස්ස තුරල් වූ විගස ඈ කුප්පි ලාම්පුව දල්වාගෙන පාඩම් කරන්නීය.
“සුදු හාමිනේ මම මැරෙන්න කලින් උඹ දොස්තර නෝනා කෙනෙක් වෙලා මට බෙහෙත් උගුරක් ‍පොවන්න ඕනේ” ඒ වෙලාවට තාත්තා ඇගේ හිස පිරිමදිමින් කියන්නේය.
බද්දේගම සන්දරවල රතනසාර ඉස්කෝලෙන් අස්වී දිඹුලාගලට ආ ලලිතා මුලින්ම ගියේ අරලගංවිල ලීලාරතන විදුහලටය. ඉගෙන ගැනීමට හපන් ඈ ‍පොළොන්නරුව රාජකීය විදුහලට ගියේ අට වැනි පන්තියේදීය. එවිට ඇගේ වයස අවුරුදු දා හතරකි. ‍පොළොන්නරුවේ රාජකීය විදුහලට යාමට පටන් ගත්දා සිට සුදු මැණිකේ පාන්දර හතරට අවදි වන්නීය. ඒ පහයි පනහේ බසය අල්ලා ගන්නට ඕනෑ නිසාය. අත මිට කාසි හිඟ බැවින් ඈ ගියේ සීසන් එක පෙන්වා ලංගම බසයේය. ඒ බසය නැතිනම් පමණක් ඈ පෞද්ගලික බසයකට ගොඩ වන්නීය. බසය එනතුරු මග බලා හුන් සුදු මැණිකේට බොහෝ වේලාවට ගාල්ලේ ගත කළ ජීවිතය මතක් වෙයි.
දිඹුලාගල මෙන් නොවැ ගාල්ලේ ජීවිතය දුෂ්කර නැත. ඉස්කෝ‍ලේ යාමට බස් ඇත්තේය. ලෙඩට දුකට බෙහෙත් ගන්නට ඉස්පිරිතාල ඇත්තේය. බද්දේගම කැලෑ උණ නැත. අලි කොටි නැති නිසා හිතට බයක් නැත.
“මොන ප්‍රශ්න තිබුණත් මම ඉගෙන ගෙන තාත්තාගේ දොස්තර හීනය සැබෑ කරනවා.” සුදු හාමිනේ එවැනි අවස්ථාවලදී සිතුවාය.
දිඹුලාගල සිට කදුරුවෙලට (‍පොළොන්නරුව) යාමට බසයට පැය එක හමාරක් ගත වෙයි. ඇතැම් දිනවල බසය යන්නේ මනම්පිටිය දක්වා පමණි. ඊට හේතුව මහවැලි ගඟ දෙගොඩ තලා ‍පොළොන්නරුව මඩකළපුව පාරේ ගමනාගමනයට බාධා කරන බැවිනි. එවැනි දවස්වලට පාසල් සිසුන් යන්නේ රේල් පාර දිගේය. එසේ යන වැඩිහිටි සිසුවෙකුගේ අතින් අල්ලා ගන්නා ලලිතා මහ ජල කඳට උඩින් වැටී ඇති රේල් පාර දිගේ එගොඩ වන්නීය.
“රේල් පාර දිගේ අපි එගොඩ යන්නෙත් හරිම බයෙන් සැඩපාර සැරයි. වැරදිලාවත් වතුර පාරට වැටුණොත් මතු වෙන්නේ තිරිකුණාමලයෙන් තමයි.” ලලිතා පද්මිණි පාසල් ගිය කාලය ගැන එසේ සිහිපත් කරන්නීය.
ගංවතුරට හසු වන දවස්වල ලලිතා ඉස්කෝලෙට යන විට උදේ නමයත් පහුවෙලාය. ලලිතාගේ දුෂ්කර ගමන නොදන්නා විදුහල්පතිවරයා ඈට සැර දමන්නේ ප්‍රමාද වී පැමිණි බව කියමිනි.
අලින්ගේ කොටින්ගේ තර්ජන ගංවතුර ඇතුළු කුමන බාධක පැමිණියත් ලලිතා පද්මිණි හොඳින් ඉගෙන ගත්තාය. පන්තියේ පළමුවැනියා වූවාය.
“සුදු මැණිකේ මගේ ආසාව උඹ දොස්තර නෝනා කෙනෙක් වෙනවා දකින්න.” තාත්තාගේ සිහිනය ඈට නිතර මතක් විය.
ඉස්කෝ‍ලේ ඇරී ඈ දිඹුලාගලට යන විට හවස හතර පහ වෙලාය. අම්මා උයා පියා ඇති මොනවා හරි බඩට දමා ගන්නා ඈ මහ රෑ වන තුරා පාඩම් කරන්නීය. ගොවිතැනෙන් තාත්තාගේ අත මිට සරු වන විට ඔහු වඩු මඩුවක්ද පටන් ගත්තේය. ‍පොල් අතු සෙවිළි කළ පැල්පත වෙනුවට හුණු සිමෙන්තියෙන් කපරාරු කළ නිවසක් ඉදිවිය. ‍පොල් අතු ගැලවී ගොස් වහලට උළු සෙවිළි විය. කුප්පි ලාම්පුව වෙනුවට විදුලි එළියෙන් මුළු ගෙදරම ඒකාලෝක විය. සාමාන්‍ය පෙළ විභාගයෙන් හොඳින් සමත් වූ සුදු මැණිකේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට තේරුණාය.
සුදු මැණිකේ උසස් පෙළට තේරුණු සමයේ රටේ තරුණ තරුණියෝ මුහුණ දෙමින් හුන්නේ අපල කාලයකටය. පාසල් ගිය ලොකු දරුවෝ නැවත ගෙවල්වලට නොආහ. ඔවුන්ගේ සිරුරු මහ පාරේ ටයර් සෑයවල් මත දැවී අළුවිය.
“එක දවසක් මම ඉස්කෝ‍ලේ එනකොට තරුණයන් දහඅට දෙනකුගේ ඔළු පාරේ එල්ලලා තිබුණා. ඒ අයගේ සිරුරේ කොටස් බල්ලෝ ඇදගෙන යනවා. මේවා දැක්කාම මුළු දවසම එපා වෙනවා. උදේ ඉස්කෝලෙට ආපු වෙලාවේ පටන්ම කරන්නේ වමනේ දාන එක. මේ ප්‍රශ්න නිසා විභාගය හොඳින් කරන්න තරම් පරිසරයක් ඒ කා‍ලේ මට තිබුණේ නෑ.” ලලිතා පද්මිණි කියන්නීය.
අවසානයේදී ඈ උසස් පෙළ පන්තියේ හුන්නා කාලයේ ‍පොළොන්නරුවේ බෝඩිමක නතර වූවාය. පාසලෙන් ඉගෙන ගන්නා දෙයක් මිසක් අමතර පන්තියකට ගොස් වැඩියමක් දැන ගැනීමට ඇයට වත්කමක් නොවීය. ඇල්මෙන් අකුරු කරමින් විභාගය සමත් වුණිද ලලිතා පද්මිණීට වෛද්‍ය විද්‍යාලයට යාමට තරම් ලකුණු ප්‍රමාණවත් නොවීය. එවර ඇගේ යහළුවෝ අට දෙනෙක් වෛද්‍ය විද්‍යාලයට යාමට සුදුසුකම් ලැබූහ.
“ඒ වෙලාවේ මට දුක හිතුණ තාත්තාගේ දොස්තර සිහිනය සැබෑ කිරීමට නොහැකි වූ නිසා. මම දෙවැනි පාරටත් විභාගය කළා. එවරත් හරි ගියේ නෑ. ඊට පස්සේ මම කල්පනා කළා රැකියාවක් කරනවා කියලා.
මුලින්ම මම මහවැලි ආර්ථික ඒජන්සියේ පරිගණක පාඨමාලාවක් හැදෑරුවා. ඒ ඩිප්ලෝමා පාඨමාලාවෙන් වැඩිම ලකුණු ගත්තේ මමයි. මට මහවැලි ආර්ථික ඒජන්සියේම පරිගණක දත්ත සැකසුම්කරුවකු විදියට පත්වීම ලැබුණා. ලලිතා කියන්නීය.
මෙකල මහවැලි ආර්ථික ඒජන්සියේ සේවක සේවිකාවෝ සිරිපාදේ විනෝද චාරිකාවක් ගියෝය. මහගිරි දඹ නැගගන්නට නොහැකිව තරුණියන් හති දමන විට තරුණයෝ ඔවුන්ට අත දුන්හ. ලලිතාට අත දුන්නේ අජිත් කුමාරය. අවසානයේදී ඔහු ලලිතාගේ අත ගත්තේය. ඔවුන් දෙන්නාගේ කැදැල්‍ලේ දරුවන් ගණන තුන්දෙනකි.
මහවැලි ආර්ථික ඒජන්සියේ වැඩ කරමින් හුන් ලලිතා තෙල්දෙණියේ නෑයෙකුගේ ගෙදර ගියාය. ඒ ගෙදර හුන් ඥාති සොයුරියෝ ඈට පුවත්පතක තිබූ දැන්වීමක් පෙන්නූහ. උතුරු මැද පළාතට පවුල් සෞඛ්‍ය සේවිකාවන් බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවන බව ඒ දැන්වීමේ තිබුණි. දොස්තර සිහිනය සැබෑ නොවුණද පවුල් සෞඛ්‍ය සේවිකාවක ලෙස හෝ රටට වැඩක් කරන්නට ඈ ඉටා ගත්තාය.
ලලිතා තේරුණේ අනුරාධපුර හෙදි විදුහලටය. ඈ හෙදි විදුහ‍ලේදී ජීවිතයට ලොකු පාඩමක් ඉගෙන ගත්තේය. ඒ පාඩම ඉගැන්වූයේ චන්ද්‍රා මානවඩු මැඩම්ය. “කරතොත් හොඳට” ඈ හැමවිටම ශිෂ්‍යාවන්ට කීවාය. ලලිතා කරන වැඩ හොඳට කිරීමට ඉගෙන ගත්තේ මානවඩු මැඩම්ගෙනි. පාඩම් ‍පොත් පිළිවෙළට තියා ගත්තේය. පිරිසිදුව වැඩ කළාය.
ලලිතාට සීමාවාසික පුහුණුව ලැබුණේ මහනුවර වරල්‍ලේගමටය. ඒ කාලයේ ඈ ගැබිණි මවුවරුන්ට ආදරයෙන් කරුණාවෙන් කතා කළාය. උදව් කළාය. සිමාවාසික පුහුණුවෙන් ඉක්බිතිව ලලිතාට පත්වීම ලැබුණේ දිඹුලාගල මැදගමටය. මෙකල එල්.ටී.ටී.ඊ. ය ගම්වලට පැන පවුල් පිටින් කපා කොටා මරා දමන කාලයයි. ලලිතාට වැඩ කිරීමට ලැබුණේ කොටින්ගේ නැගෙනහිර ප්‍රධාන කඳවුර වූ තොප්පිගල මායිමේ ගම්වලය. ඈ මුලින්ම ගමක් ගමක් පාසා ගියේ පාපැදියෙනි. අව් කාෂ්ඨකයේ බයිසිකල් පැදීම නිසාදෝ බලා සිටියදීම ඇගේ රුව වෙනස් විය. ඒ ගැන වැඩියෙන් දුක් වූවෝ ඈ සමග ඉස්කෝ‍ලේ ජීව විද්‍යා පන්තියේ එකට ඉගෙන ගෙන දොස්තරලා වූ ඇගේ මිතුරියෝය. ඔවුහු ඇයට මෙසේ කීවෝය.
“බලපන් උඹ ඇදිලා ගිහින්. ඔය රස්සාව අතහැරලා දාලා නර්ස් කෙනෙක් වෙයන්”
තවත් දිනක හිමිදිරියේ ඈ පාපැදියේ නැගී යන විට අතරමගදී හමු වූයේ මහ හ¾ඩින් විලාප දෙමින් දුවන කාන්තාවකි.
“උදේ පාන්දර කුඹුරේ වතුර හරවන්න ගිය මගේ මනුස්සයා කොටි කපල කොටලා මරා දමලා” ඈ ලලිතාට කීවාය.
“නංගී, අපි ගිහින් බලලා එනකම් ඔයා මේ පාරේ යන්න එපා කොටි දෙතුන් දෙනෙක් ඉස්සරහ හන්දියේ ඉන්නවා කියලා ආරංචි වුණා. ග්‍රාමාරක්ෂකයෝ ඇයට පැවසුවෝය.
මේ මොන බාධක කරදර ආවද ලලිතා රැකියාව අත නොහැරියාය. “මම මේ රස්සාවෙන් පුළුවන් තරම් උඩට යනවා” ඈ අදිටන් කර ගත්තාය.
මේ අතර දිඹුලාගලට අලුතෙන් ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරියෙක් ආවේය. ඔහු පී.ඩී. ගුණරත්නය. ඔහුගේ වැඩ සෘජුය. නෑ... බෑ... යන වචන දෙක දොස්තර ගුණරත්නගේ ශබ්ද කෝෂයේ නොවීය. වැරැද්දට අවවාද කිරීමටත් හොඳ දේට ප්‍රශංසා කිරීමටත් ඔහු පැකිළුණේ නැත. ලලිතා පද්මිණිගේ වෘත්තීය ජීවිතයේ ලොකු වෙනසක් වෙන්නේ මෙකලය. ඈ වෛද්‍ය ගුණරත්නගෙන් බොහෝ දේ ඉගෙන ගත්තාය. වෛද්‍ය ගුණරත්නට පෙර දිඹුලාගලට පැමිණි ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරියා වූ සුමනවීර සර් ගෙන්ද ලලිතාගේ වෘත්තීය ජීවිතයට බොහෝ ගුරුහරුකම් ලැබුණි.
ලලිතා වැඩවලින් ඉදිරියට යන විට සමහරු ඈට මෙසේ කීවෝය. “එයා ඉතින් මුට්ටිය අල්ලනවානේ” ලලිතා ඒ කතාව අනුරාධපුර හෙද විදුහ‍ලේදීත් ඇසුවාය. එනමුත් ඒ කතාවලට ඈ කම්පා නොවීය. ගහන ගහන හැම ගලක්ම මලක් සේ පිළිගත්තාය. තැලෙන්න තැලෙන්න වානේ පන්නරය ලැබුවාය.
මුලින්ම ලලිතා දිඹුලාගල කලාපයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව බවට පත් වූවාය. ඊළඟට ‍පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව ලෙස ජය ගත්තාය. ඉක්බිතිව උතුරු මැද පළාතේ හොඳම සෞඛ්‍ය සේවිකාව ලෙසද ලලිතා පද්මිණි තේරුණාය. දෙදහස් අට අවුරුද්දේ එන්නත් කිරීම පිළිබඳ දිවයිනේ හොඳම සායන මෙහෙයවන්නීය ද ඇය වූවාය. ලලිතා පද්මිණිගේ ගමන එතැනින් නතර වූයේ නැත.
දරුවන්ගේ බර පිළිබඳ මවුවරුන්ට පහසුවෙන් දැන ගැනීමේ විශේෂ වර්ණ සංයෝග ක්‍රමයක් සොයා ගත්තේද ලලිතා පද්මිණීය. ලංකාවේ සිවුකොණේ සායනවල රාජකාරි කරන පවුල් සෞඛ්‍ය සේවාවලදී යොදාගන්නේ ලලිතා සොයාගත් ක්‍රමවේදයයි.
“මම බොහෝ දුෂ්කර ජීවිතයක් ගත කරපු කාන්තාවක්. මම උනන්දුවෙන් හරියට වැඩ කළා මිසක් තනතුරු කීර්තිනාම වරප්‍රසාද බලා‍පොරොත්තුවෙන් රාජකාරිය කළේ නෑ. ඒත් මම දැන ගෙන හිටියා කවදාහරි මට හිමි තැන ලැබේවි කියලා.”
ලලිතා පද්මිණි කියන්නීය.
ලංකාවේ හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ ලලිතා පද්මිණි ගැන ලෝකයා මුල් වරට දැන ගත්තේ දෙදහස් දහයේදීය. ඒ අවුරුද්දේ ඉන්දියාවේ පැවැත්වූ ආසියා ශාන්තිකර කලාප සම්මේලනයේදී ආසියාවේ හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව ලෙස ජය ගත්තේ ලලිතා පද්මිණීය.
දිඹුලාගල ලලිතා පද්මිණි රටේ ප්‍රකට චරිතයක් බවට පත් වූයේ මීට මාස කීපයකට ඉහතදීය. ලෝක පවුල් සෞඛ්‍ය බළකා සන්ධානය විසින් තායිලන්තයේ බැංකොක් නුවර පවත්වන ලද සමුළුවට ලංකාව නියෝජනය කරමින් සහභාගි වූයේ ලලිතාය. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් එකසිය හතරක් නියෝජනය කරමින් නියෝජිතයෝ එක් දහස් එකසියයක් සමුළුවට සහභාගි වූහ. ඒ පිරිස අතරින් දෙදහස් එකොළහ අවුරුද්දේ ලොව විශිෂ්ටතම පවුල් සෞඛ්‍ය සේවිකාවන් සිවුදෙනකු තේරුණි. ඒ සිවුදෙනාගෙන් එක් අයෙකු වූවේ ලලිතා පද්මිණිය.
දිඹුලාගල හාමුදුරුවෝ ලෙසින් ප්‍රකටව හුන් කිතලගම සීලාලංකාර නායක හාමුදුරුවන්ගෙන් පසු රට්ටු දිඹුලාගල ගැන කතා කරන්නට පටන් ගත්තේ ලලිතා පද්මිණිගේ ජයග්‍රහණයත් සමගය.
ලොවම දිනා ලංකාවට පැමිණි දිරිය දියණිය ගැන වැඩියෙන්ම සතුටු වූවේ ඇගේ තාත්තාය.
“සුදු හාමිනේ උඹ මුළු ලෝකයම ජය ගත්තා. දොස්තර කෙනෙක් වෙනවාට වඩා උඹ අද ඉන්න තැන ගැන මට හරිම සතුටුයි දුවේ” කියමින් තාත්තා ඈ තුරුළු කරගෙන සතුටු කඳුළු වැගුරුවේය.
ලලිතා පද්මිණි සමග ‍පොළොන්නරුවේ රාජකීයේ අකුරු කර දොස්තරවරියන් බවට පත් වූ ඇගේ මිතුරියෝ මෙසේ කීවෝය.
“උඹ දොස්තර කෙනෙක් වුණා නම් රටේ අය උඹ ගැන දන්නේ නෑ. දැන් බලපං මුළු ලෝකයම උඹ ගැන දන්නවා. අපට හරිම සතුටුයි.”
“පුංචි කා‍ලේ ඉඳලා මගේ ජීවිතයේ වීරයා වුණේ මමයි. මම ඉගෙන ගත්තේ වෛද්‍යවරියක් වෙන්න. නමුත් ඒක අත හැරුණා කියලා මම අධෛර්යයට පත් වුණේ නෑ. මම මේ තත්ත්වයට පත් වුණේ එක රැයකින් නොවේ. වින්ද දුක්වල කෙළවරක් නෑ. ඒත් ඒ හැම දුකක්ම විඳලා මම මගේ ඉලක්කයට ගියා. දිඹුලාගල දිරිය දියණිය ලලිතා පද්මිණි කියන්නීය.
ලලිතා පද්මිණිලාට පෙර ලොව ජයගත් ලංකාවේ කතුන් ගැන කතා අපි අනන්තවත් අසා ඇත්තෙමු. ලොව මුල්ම අගමැතිනිය ලංකාවෙන් බිහි වූවාය. අගමැතිවරුන් දෙදෙනකුගේ දියණියක් රටේ ජනාධිපති පුටුවේ වාඩි වූවාය. ලෝක විවාහක රූ රැජිනියක් ලංකාවෙන් බිහි වූවාය. මේ සියල්ලෝම රිදී හැන්ද මුවින් දරාගෙන ආ සුරකුමරියෝය.
එනමුත් දිඹුලාගල ලලිතා පද්මිණි සුරකුමරියක් නොවූවාය. ඈ ගිය මාවත් මලින් පිරී තිබුණේ නැත. ඈ ඇවිද ගියේ රළු බොරළු මාවත් දිගේය. ‍පොල් අතු පැලක ඉපදී ස්ව උත්සාහයෙන් ලොව ජය ගත් ඇයගේ නම ලංකා කාන්තා වංශකතාවේ රන් අකුරින් ලියැවෙනු ඇත.


http://www.lakbima.lk

_________________
Image is hidden from guests, please register and login to view the Image


Thu Jan 19, 2012 11:34 pm
Profile
Display posts from previous:  Sort by  
Reply to topic   [ 11 posts ]  Go to page 1, 2  Next

Who is online

Users browsing this forum: No registered users and 2 guests


You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum

Jump to:  
 

Login

Remember Me