Thursday, July 31, 2014
--> It is currently Thu Jul 31, 2014 6:34 pm



Reply to topic  [ 23 posts ]  Go to page Previous  1, 2, 3  Next
 අපේ රට වටා-වන සතුන්ගේ රජදහනවන සතුන්ගේ රජදහන යාල (Pg:3) 
Author Message
Welcome
Welcome
User avatar

Joined: Sun Jan 02, 2011 8:33 pm
Posts: 1696
Post Re: අපේ රට වටා
ගැමි සුවඳ මුසු වුණු
කොග්ගල


Image is hidden from guests, please register and login to view the Image


අද අපට නවාතැන් සලසන කොග්ගල ගැන කතාකරන විට සුවිශේෂී පුද්ගලයකු හා මනරම් ස්‌ථානයක්‌ නිතැතින්ම සිහියට නැඟෙනවා. ඒ, හෙලයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ මහතාත්, මඩොල් දූවත්. වැහිබර කාලගුණය මැද අපි කොග්ගලට ළඟා වුණේ පහුගිය ඉරිදා කඳවුරු බැන්ද ගාල්ලේ රූමස්‌සල කඳු මුදුනෙන් නික්‌මෙලා. ඒ එන ගමනේදීත් අපගේ මතකයේ රැඳුණු ස්‌ථාන හා පුද්ගල චරිත කිහිපයක්‌ම තියෙනවා. මේ ඒ ගැන තොරතුරු ටිකක්‌.


ගාලු ප්‍රදීපාගාරය (ලංකාවේ මුල්ම ප්‍රදීපාගාරය)

Image is hidden from guests, please register and login to view the Image


රූමස්‌සලට දිස්‌වුණු ගාලු ප්‍රදීපාගාරය බලන්නත් මේ ගමනේදී අප අමතක කළේ නෑ. ප්‍රදීපාගාරය පිහිටල තියෙන්නෙ පැරණි ලන්දේසි කොටුව ඇතුළෙ. මේ ප්‍රදීපාගාරය තමයි ලංකාවෙ මුල්ම ප්‍රදීපාගාරය හැටියට සැලකෙන්නෙ.

ගාලු වරාය තමයි කොළඹ වරායටත් පෙර දෙස්‌ විදෙස්‌ සබඳතා පැවැත්වූ ලංකාවේ කේන්ද්‍රස්‌ථානය ඉතින් නොයෙක්‌ රටවල නොයෙක්‌ ජාතීන් ලංකාවට ගොඩබැස්‌සේ මෙතනින් තමයි. ඉතින් රුවල් නැව් ඇතුළු යාත්‍රාවලට මඟ කියා දුන්නෙ කාලෙන් කාලයට ඉදිවුණු විවිධ මග පෙන්වීමේ උපකරණ. එලියක්‌ භාවිත කරමින් ප්‍රදීපාගාර හැදුවා කියන්නෙ ඉංග්‍රීසින්. ලංකාවෙ ප්‍රදීපාගාර නිර්මාණය කළෙත් ඉංග්‍රීසින්. ඒ අනුව ලංකාවෙ ඉදිවුණු ප්‍රථම ප්‍රදීපාගාරය වන්නේ ගාලු ප්‍රදීපාගාරයයි. 1848 දී ඉදිවුණු මෙය භූමිතෙල් ලාම්පුවකින්a එළිය විහිදුවා තිබෙනවා. නමුත් ඒ ලාම්පුව පත්තු කරන්න ගිහිං විටෙක මේ ප්‍රදීපාගාරය පිච්චුනාලු. ඊට පස්‌සෙ 1939 දී ආයිමත් ගාලු කොටුවේ ප්‍රදීපාගාරය නැවත ගොඩනඟා තියෙනවා. දැන් මේ අපට දිස්‌වෙන්නෙ ඒ නව ප්‍රදීපාගාරය තමයි. ගාල්ලට තවත් වැදගත් මඟ සලකුණක්‌ වුණු මේ ප්‍රදීපාගාරය උසින් අඩි 93 ක්‌.


කපිතාන් හේනරි පේද්‍රිස්‌

Image is hidden from guests, please register and login to view the Image


නිදහස්‌ සටන වෙනුවෙන් පළමුව දිවිදුන් ගාල්ලේ වීර කපිතාන් හෙන්රි පේද්‍රිස්‌ වීරයා ගැනද වචනයක්‌ ගාල්ලට පැමිණි මොහොතේ කතා කළ යුතුමයි.

1888 දී උපන් හෙන්රි පේද්‍රිස්‌ තරුණයා ගාල්ල දංගෙදර ධනවත් බොදු ව්‍යාපාරිකයකු හා නීතිඥයකු වූ ඩී. ඩී. පේද්‍රිස්‌ මහතාගේ පුත්‍රයායි. දෙමව්පියන්ගේ ධන බලය ඉවත දමා එවක ඉංගී්‍රසි පාලකයන්ගේ නගරාරක්‍ෂක හමුදාවට ඇතුළත්ව ස්‌වෙච්ඡා සේවකයකු ලෙස සේවය කළේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් හා ගාල්ල ශාන්ත තෝමස්‌ විදුහල්වලින් ලැබූ අධ්‍යාපනයයෙන් අනතුරුව කෙටි කලකින් කපිතාන් තනතුරකට පත් ඔහු එකල බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව රට පුරා විරෝධතා පැන නැඟුණු සමයේදී සිංහල, මුස්‌ලිම් කෝලහලයක්‌ මැඬලීමට යැමේදී ජාතිවාදියකු වූ බව පවසා ඉංගී්‍රසි ආණ්‌ඩුව විසින් 1915 ජුලි 7 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේදී වෙඩි තබා මරා දමනු ලැබුවා. එහෙත් මරණයට බිය නොවූ හේ කොන්දේසි කිහිපයක්‌ ඉදිරිපත්කර ඉංගී්‍රසි සෙබළුන් අතින් නොව පංජාබ් සෙබළුන් අතින් වෙඩි කෑවේ "මගේ දැස්‌ බඳින්නේ කුමටද, නුඹ මට වෙඩි තබන හැටි බලන්න මම කැමතියි" යන එඩිතර වදනින් දිවි පූජා කළේ අපට තවත් වීර මද්දුම බණ්‌ඩාරවරයෙකු සිහිපත් කරමින්. කොළඹ හැව්ලොක්‌ ටවුමේ ඉසිපතානාරාම විහාරය ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ දෙමව්පියන් විසින් හදා පූජා කළේ තම පුතාගේ වියෝගය දරාගත නොහැකිවයි. ඒ අසලම හෙන්රි පේද්‍රිස්‌ ක්‍රීඩාංගණයත් ඔහුට ගරු කිරීමක්‌ ලෙස ඉදි වූයේ ඔවුන්ගේ ඉඩමක.


ගාල්ල සමුද්‍රීය කෞතුකාගාරය

Image is hidden from guests, please register and login to view the Image


ප්‍රදීපා ගාරයෙන් නික්‌මෙලා ඊළඟට අපි ගියේ තවත් වැදගත් තැනක්‌ බලන්න. ඒ තමයි ලංකාවේ එකම සමුද්‍රීය කෞතුකා ගාරය. පිහිටල තියෙන්නෙ ගාලු කොටුපවුර සමඟ ඉදිරිපස පවුරට එකතුකර සාදා තිබෙන පැරණි ලන්දේසි ගොඩනැඟිල්ල තුළ. දෙමහල් ගොඩනැඟිල්ලක්‌ වන මෙය, කොටුවේ දිගම හා විශාලතම ගොඩනැඟිල්ල ද වෙනවා. සමුද්‍රීය කෞතුකාගාරය පවත්වාගෙන යන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්. ගාමිණී දොඩම්වල හා කෞතුකාගාරය භාර නිලධාරි ගාමිණී සමන් මහත්වරුන්ගේ අවසරය පරිදි අපි කෞතුකාගාරය නැරඹුවේ පාඨක ඔබටත්a එහි ගොස්‌ මෙහි අපූර්වත්වය නරඹන්නට කරන ඉල්ලීමකට උදව්වක්‌ හැටියට.

මුහුදු ආශ්‍රිත පුරාවස්‌තු ගැන වගේම මුහුදු බත් වූ නැව් ඇතුළු මුහුද යට පුරාවස්‌තූන් ගැනත් මේ කෞතුකාගාරයේ විශ්මිත නිදර්ශක හා තොරතුරු තියෙනවා. ගාලු වරායේ ඉතිහාසගත තොරතුරු අප ලබාගත්තෙත් මෙහිදීම තමයි. වරාය තුළ ගිලී ගිය නැව් පවතින ස්‌ථාන 26 ක්‌ පමණ හඳුනාගෙන දැන් විශේෂ කණ්‌ඩායමක්‌ මගින් මේ තොරතුරු ගවේෂණය කරන්නෙ වටිනා පුරාවස්‌තු රැසක්‌ ගොඩගනිමින්.

1911 ගාල්ලේදී හමුවුණු චීන ජාතික ෂෙන්ග්-හ නමැත්තාගේ චීන, පර්සියානු, දෙමළ ත්‍රී භාෂා සෙල්ලිපිය ගැනත් මෙහිදී කරුණු කාරණා දැනගත හැකියි.


ඓතිහාසික රට දෙල් ගස

Image is hidden from guests, please register and login to view the Image


ගාල්ල ලන්දේසි කොටුවේ දෙල්ගස ගැන අපි කතා කළා. එහෙත් ඒ ගැන කියන ප්‍රකට ඉතිහාස ගවේෂක දේ. සූ. ද සොයිසා අපට කීවේ දෙල්ගස්‌ ගෙනාවෙ පෘතුගීසි කාලයේදී කියලයි. ඒත් පෘතුගීසීන් නොවෙයිලු. වැලිතර ජීවත් වූ පිනොස්‌ ආරච්චිල පරංගීන්ගේ නැව්වලට ආරක්‍ෂාව සපයපු, හලාවත සිට හම්බන්තොට දක්‌වා ආරච්චිල තනතුරක්‌ දරපු "ශක්‌තිවන්තයෙක්‌" වුණාලු.

දිනක්‌ ඔහුගේ යාත්‍රාව කුණාටුවකට හසුව "දේසය" නම් රටට ගසාගෙන ගිය පසු ඔවුන්ට කන්නට ලැබී තිබුණේ රට දෙල්. පිනොස්‌ ආරච්චිල යළි එන ගමනේදී රට දෙල් පැළ ගෙනැවිත් වැලිතරත්, මාතර හා හලාවතත් හිටෙව්වාලු. ලංකාවට රට දෙල් ආවේ එහෙමලු.


බොනවිස්‌ටා කොරල් පරය

Image is hidden from guests, please register and login to view the Image


රූමස්‌සල හිටියත් අපි වැඩිය බොනවිස්‌ටා කොරල් පරය ගැන කතා කළේ නැහැ. රූමස්‌සල කන්දේ එක්‌ කොටසක්‌ බොනවිස්‌ටාව කියල කියනවා. ඒ වගේම මේ කන්දේ මුහුදු තීරය ජන්ගල් බීච් කියලත් කියනවා. ඊට යාබද නොගැඹුරු - නිල් - කොළවන් නොගැඹුරු මුහුදු තීරය තමයි බොනවිස්‌ටාව කියල කියන්නේ. මේක කොරල් පරයක්‌. 1796 දී විලියම් කාර්මයිකල් ගිබ්සන් නමැත්තා "සොඳුර දසුන" යන අර්ථයෙන් මෙයට බොනවිස්‌ටා යන නම තිබ්බාලු. එය පෘතුගීසි වදනක්‌. ගාලු වරායේ එක්‌ පැත්තක්‌ වන බොනවිස්‌ටාව අප රටේ ඉහළම ජෛවවිවිධත්වය සහිත කොරල් පරය ලෙස සලකනවා. මෙයින් වාර්තා වී ඇති මසුන් සංඛ්‍යාව වන 491 ක්‌ වෙනත් ලංකාවේ පරයකින් වාර්තා වී නැහැ.

වඳවී යැමේ මත්ස්‍ය විශේෂ 72 න් 36 ක්‌ මෙහි දිවි ගෙවනවා. එසේම බොනවිස්‌ටාවට ආවේණික විශේෂ 64 ක්‌ සිටින බව ද දැක්‌වෙනවා. හික්‌කඩුවේ කොරල් අතරින් 39% ක්‌ සජීවී වෙද්දී බොනවිස්‌ටාවේ 71% ක්‌ සජීවී ලෙස සලකනවා.

පෙර කී කාර්මයිකල්a ගිබ්සන්ගේ බිරිඳ මාර්ගයිට්‌ මහත්මිය රූමස්‌සලහි පුණ්‍ය පාඨශාලාවක්‌ ඉදිකළා. එය පසුව බොනවිස්‌ටා පාසල බවට පත්වුණා. මාර්ටින් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාන වැනි ප්‍රාඥයෝ මූලික අධ්‍යාපනය ලැබුවෙත් මේ විදුහලෙන්.

බොනවිස්‌ටාවට ඉහළ රූමස්‌සල කුළුණු කන්ද ගැනත් වචනයක්‌ කිව යුතුයි. එහි පවතින ප්‍රදීපාගාරයක්‌ වැනි කුළුණක්‌ තියෙනවා. 1875 දී ඉදිකර ඇති මෙම කුළුණ එකල ඉංග්‍රීසීන් විසින් සතුරු නැව් මුලාකිරීම සඳහා හැදූ ව්‍යාජ ප්‍රදීපාගාරයක්‌ කියලයි කියන්නෙ.


උණවටුන රැ වැල්ලේ දේවාලය

රූමස්‌සලත්, උණවටුනත් මෙරට සුන්දරම වෙරළ තීරය ලෙසයි සැලකෙන්නේ. රූමස්‌සල කන්දේ එක්‌ කෙළවරක්‌ උණවටුනයි. කඳු ගැට දෙකකට මැදිව පිහිටි උණවටුන වෙරළ තීරය සංචාරක පාරාදීසයක්‌ ලෙසයි සැලකෙන්නේ. දකුණු වෙරළ තීරයේදී අපට හමුවන තෙවැනි සංචාරක පුරවරය උණවටුනයි. දේශීය විදේශීය සංචාරක පිරිස්‌ අනිවාර්යයෙන් උණවටුනේ අසිරියෙන් මත්වෙනවා.

වැල්ලේ දේවාලය

Image is hidden from guests, please register and login to view the Image


රූමස්‌සල කඳු ගැටයේ එක්‌ අන්තයක්‌ වැල්ලේ දේවාලයෙන් කෙළවර වෙනවා. උණවටුන මුහුදු තීරයේ කෙළවරත් මේ වැල්ලේ දේවාලයම තමයි. මේ පුදබිම වෙන්වෙලා තියෙන්නේ සීනිගමදි අපි කතා කළ "සීනිගම දෙවොල් දෙවියන්ට" මයි. අති සුන්දරතම ස්‌ථානයක පිහිටි මේ දේවාල භූමියේ කඳු ගැටය මුදුනේ තනා තිබෙන කුඩා චෛත්‍යය රූමස්‌සලට, ගාලු වරායට මෙන්ම, ගාලු කොටුවටත් හොඳින් දිස්‌වෙනවා. ඒ වගේම තවත් දුර්ලභ සුවිශේෂී ශාක කිහිපයකුත් මේ වැල්ලේ දේවාලයේ තියෙනවා.


කොග්ගල / මාටින් වික්‍රමසිංහ නිවස

Image is hidden from guests, please register and login to view the Image


කොග්ගල මහා ප්‍රාඥයාගේ තොරතුරු දැනගන්න කලියෙන් අපි පළමුව ගියේ මඩොල් දූවට. බෝට්‌ටුකරුවකු සමඟ මඩොල්දූව වටා ගිහිං දූවට ගොඩබැස්‌ස අපි වික්‍රමසිංහයන්ගේ "මඩොල් දූව" සිහියට නගමින් දූපතේ ගස්‌ කොළං අතර ඇවිද ගියේ. ජින්නා සමඟ "වික්‍රමසිංහයන්" මෙහි ගතකළ ජීවිතය අපට ද කොයි තරම් ආශ්වාදයක්‌ වීද යන්න සපථ කරමින් මඩොල්දූව අදටත් හොඳින් සංරක්‍ෂණය වෙනවා. පසෙකින් "ගම්පෙරළිය" චිත්‍රපටයට පසුබිම් වූ වළව්වයි.

මාටින් වික්‍රමසිංහයන් ගැන කතා කරන්නට අප තවමත් ළාබාලයින් වූවා වැඩියි. ඒ නිසා ඔහු ගැන නොව ඔහු දිවි ගෙවූ ගම් පෙදෙස ගැන කතා කරමු. වික්‍රමසිංහයන් උපන්නේ 1890 මැයි මස කොග්ගලදී. පාසල් ගියේ ගාල්ලේ බොනවිස්‌ටා විදුහලට. විවිධ රැකියාවන්හි නිරත වීමෙන් පසු දිනමිණ හා ලක්‌මිණ කර්තෘ මඬුල්ලේ සේවය කළ ඔහු 1976 දී මියයන තුරා ග්‍රන්ථ 86 ක්‌ රචනා කළා. මඩොල්දූව මෙන්ම, යුගාන්තය, ගම්පෙරළිය, අපේ ගම, කලියුගය, කරුවල ගෙදර වැනි ප්‍රකට ග්‍රන්ථ ඒ අතර වෙනවා.

" මාටින් වික්‍රමසිංහගේ මඩොල් දූවෙන්" පසු අපි ගියේ වික්‍රමසිංහයන් දිවි ගෙවූ කොග්ගල නිවස දැක බලා ගන්නට. එම කෞතු කාගාරයට යාබදව පිහිටි ඔහුගේ පුංචි නිවස තුළ අද ඔහුගේ දිවිගමනේ වැදගත් මතක රාශියක්‌ දැක බලා ගත හැකියි. සැබැවින්ම රට වටා යන ගවේෂණ චාරිකාවේදී මේ නිවසට ගොඩවැදීම අපගේ චාරිකාව පරිපූර්ණ කිරීමට එක්‌ හේතුවක්‌ වුණා කියලයි අපට හිතෙන්නෙ. ඒ සැබෑ ගැමි ගෙදර මෙහිදී මෙන්ම කොග්ගලදී නිරූපනය වන නිසා.

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තුතිය - ලලිත් චාමින්ද, - දේ. සු. ද සොයිසා


Source : Divaina 2011/01/16


Mon Feb 21, 2011 1:01 am
Profile
Welcome
Welcome
User avatar

Joined: Sun Jan 02, 2011 8:33 pm
Posts: 1696
Post Re: අපේ රට වටා
ධීවර ගීතයේ රිද්මය
වැලිගම
URL is hidden from guests, please register and login to view the hyperlink


පහුගිය ඉරිදා අපි උණවටුන සුන්දර වෙරළ කෙළවර තියෙන දෙවොල් මහ දෙවියන්ගේ වැල්ලේ දේවාලය ගැන කතා කළා. ඒ දේවාලයේ තියෙන ඉතා පැරණි, ඒ වගේම සුවිශේෂී, දුලබ ගස්‌ කිහිපයක්‌ ගැනත් සඳහන් කළා. අද වැලිගම ධීවර ගීතයේ අන්දරය කියන්න කලින් අපි ඒ දුලබ ශාක ගැනත් කතා කරනවා.

කෝන්තාලම් ගස
URL is hidden from guests, please register and login to view the hyperlink


වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ඉතා දුලභ කෝන්තාලම් (Xylocarpus rumphii) ගස්‌ තුනක්‌ වැල්ලේ දේවාලයේ තිබෙනවා. වසර සිය ගණනක්‌ පැරණි මේ දුලබ ශාකය මගින් සිංහල වෙදකමේදී භාවිතයට ගැනෙන "ගොපළු ගුලිය" නම් ඖෂධය නිෂ්පාදනය කරනවාලු.


මාර්ග පහක්‌ හමුවන සුවිශේෂී "මං සන්ධිය"

හබරාදුව පහුකරලා මාතර දෙසට යනවිට තමයි අපිට කොග්ගල හමුවන්නේ. පහුගිය සතියේ කොග්ගල හිටියත් ඔබට කියන්න නොහැකි වූ සුවිශේෂී තැනක්‌ මේ කොග්ගල තියෙනවා. ඒ ප්‍රවාහන මාධ්‍යයේ වැදගත් සංධිස්‌ථානයක්‌ අද කොග්ගල තරමක්‌ දියුණුයි. ඒත් සියවසකට පමණ පෙර මෙය නොදියුණු කැළෑබද ප්‍රදේශයක්‌. දෙවැනි ලෝක යුද සමයේදී මෙහි ගුවන් තොටක්‌ ඉදිවුණේ ගම්මාන කිහිපයක්‌ යට කරමින්. මේ ගුවන් තොට මුහුද අද්දර පිහිටා තිබෙන්නේ මාතර - කොළඹ මහාමාර්ගයත්, මාතර - ගාලු දුම්රිය මාර්ගයත් තවත් කුඩා අඩි පාරකුත් මැදිකරමින්. ඉතින් නාවික යාත්‍රා, ගුවන් යාත්‍රා, දුම්රිය, මහාමාර්ග රථ මෙන්ම අඩි පාරකුත් එකට හමුවන මෙවන් තැනක්‌ ආයිමත් ලංකාවේ හමුවෙනවද කියල කියන්න අමාරුයි.


කොග්ගල
URL is hidden from guests, please register and login to view the hyperlink


මාටින් වික්‍රමසිංහ මහා ගත්කරුවා ගැන අප කතා කළත් ඔහුගේ ගම ගැන තවත් විස්‌තර කියන්න කියලා බොහෝ දෙනකුගෙන් ඉල්ලීම් ලැබුණා. ඒ නිසා මේ පාරත් අපි ඒ ගැන ටිකක්‌ කතා කරනවා.

කොග්ගල කියන්නේ අතීතයේදී වචනයේ අර්ථයෙන්ම පරිපූර්ණ ගම්මානයක්‌. පන්සල, පාසල, වෙදගෙදර, ඔපිසර නිවස යනාදි සියල්ල මේ ගමේ තිබුණා. නමුත් 1942 දී ඇතිවුණු දෙවැනි ලෝක සංග්‍රාමය සමයේදී කොග්ගල ගම වනසා දමා ගුවන් තොටුපළක්‌ ඉදිකළා. ඒ සතුරු ආක්‍රමනවලට මුහුණ දීමට. ඉතින් කොග්ගල ජනයා අවතැන් වුණා. නිවාස කඩා බිඳ දැමුවා. එහෙත් වාසනාවකට වගේ මාටින් වික්‍රමසිංහයන්ගේ මහ ගෙදර (ඔපිසර නිවස) එදා එහි ආපු සුදු ජාතික නිලධාරිනියකගේ නිල නිවස බවට පත්කරගත්තා. එA නිසා ගේ විනාශ වුණේ නෑ. යුද්ධයෙන් පස්‌සේ ඉංග්‍රීසි හමුදාව කොග්ගලින් ඉවත්වුණා. මේ නිවස කැළෑ වැදුණා. පසුව සොයාගෙන තමයි අද තත්ත්වෙට පිළිසකර කරලා තියෙන්නේ.


රිටිපන්න ධීවර කර්මාන්තය
URL is hidden from guests, please register and login to view the hyperlink


කොග්ගල ඔය ගැන කතා කරන කොට මෙහි පාරම්පරික කළපු ධීවරයන් ගැන කතා කරනව වගේම, කොග්ගල ගැන කතා කරන කොට රිටිපන්න ධීවර කර්මාන්තය ගැනත් වචනයක්‌ නොකියා බැහැ. නොගැඹුරු මුහුදේ සාම්ප්‍රදායිකව කරන තවත් ධීවර කර්මාන්තයක්‌ වන රිටිපන්නයේදී අවදානමක්‌ දරාගෙන, අව්ව - වැස්‌ස නොතකා කරන මේ ක්‍රමය අප ඉහළින් අගේ කළ යුත්තක්‌. මෙහිදී කරන්නේ "රිටක්‌" උඩ ඉඳගෙන බිලි බෑමයි. කොග්ගල සිට අහංගම දක්‌වා මේ ක්‍රමය ප්‍රචලිතයි.


ලංකෝපකාරය - ලංකාවේ ප්‍රථම සිංහල මුද්‍රණාලය
URL is hidden from guests, please register and login to view the hyperlink


අපි කොග්ගල පහුකරලා කතළුවට ආවා. එතැනත් වැදගත් දෙයක්‌ තියෙනවා අපට බලන්න. ඒ කතළුව රංවැල්ල පුරාණ විහාරයේ තියෙන ලංකාවේ පැරණිතම හා ප්‍රථම සිංහල බෞද්ධ මුද්‍රණාලයේ මුද්‍රණ යන්ත්‍රය. මේ තමයි "ලංකෝපකාරය" මුද්‍රණාලයේ මුද්‍රණය කළ ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත්පත වූ "ලංකා ලෝකය" අච්චු ගැසූ යන්ත්‍රය. එංගලන්තයේ නිෂ්පාදිත මෙම යන්ත්‍රය 1860 දී බුලත්ගම ධම්මාලංකාර හාමුදුරුවනන්ට දීල තියෙන්නේ එකල හිටපු තායිලන්තයෙය් චූලාලංකාර රජතුමා. එවකට මේ යන්ත්‍රය ගාලු වරායට ගෙනවිත්, ගාල්ලෙ අටපට්‌ටම් විහාරය නොහොත් පරමානන්ද විහාරයේ තමයි සවිකරලා භාවිතයට අරන් තියෙන්නේ. ජාතිය අවදිකල නම්, පංචමහා වාද පැවැත්වූ යුගයේදී බෞද්ධයින්ට මහා ශක්‌තියක්‌ වුනේ මේ මුද්‍රණ යන්ත්‍රය තමයි. පානදුරාවාදයෙA දී, බද්දේගම වාදයේදී අවශ්‍ය පත්‍රිකා මෙන්ම පෝස්‌ටර් යනාදියත් නිර්මාණය කළේ මේ යන්ත්‍රයෙන්. සැබෑවටම මේ ජාතියක්‌ අවධිකළ පුරාවස්‌තුවක්‌. 1942 දී, ලෝක යුද සමයේදී මෙය පානදුරේ රන්කොත් විහාරයට ගෙනිච්චා. 1910 වනතුරු මේ "ලංකෝපකාරය" මුද්‍රණාලය භාවිතා කර තියෙනවා. ඉන්පසුවයි කතළුව විහාරයට මෙය රැගෙන ගිහිං තියෙන්නේ.


වැලිගම ධීවර වරාය රැ ගන්දූව
URL is hidden from guests, please register and login to view the hyperlink


වැලිගම බොහෝ ප්‍රසිද්ධ ධීවර කර්මාන්තයට. වැලිගම ධීවර වරායෙන් මෙරට මත්ස්‍ය නිෂ්පාදනයට ලැබෙන්නේ සුවිශාල පිටිවහලක්‌. ධීවර බල ප්‍රදේශයක්‌ හැටියට මේ ධීවර වරායෙන් මුහුදු යන අය කොතරම්ද යන්න විටෙක මේ වරායේ නැංගුරම් ලන ධීවර යාත්‍රාවලින් අපට අදහසකට එන්න පුළුවන්.

ධීවර වරායේම එක්‌ සුවිශේෂ දූපතක්‌ දකින්නට ලැබෙනවා. ඒ තමයි ගන්දූව. කාලාන්තරයක්‌ තිස්‌සේ මේ දූපතේ අයිතිය තිබුණෙ වළව්කාර ධනවතුන්ට. මේ දූපත දැන්නම් සංචාරක හෝටලයක්‌ බවට පත්ව තිබෙනවා. ඒ එහි පැවති පැරැණි වළව්ව ප්‍රයෝජනයට අරන්.


වැලිගම රේන්ද
URL is hidden from guests, please register and login to view the hyperlink


ගාල්ල - වැලිගම ප්‍රදේශය රේන්ද විවීමටත් හරිම ප්‍රකටයි. දැන් එතරම් දැකිය නොහැකි වුණාට රේන්ද අල්ලල, බෝරිච්චි අත්දාපු හැට ඇන්ද "ගාල්ල - මාතර" ආච්චිල ගැන අපි හොඳට දන්නවා. ඒ රූපෙ අපේ හදවතේ ඇඳිලා තියෙනවා. ඉතින් වැලිගමට ආපු ගමනේ අපි රේන්ද කර්මාන්තය හොයාගෙන ගියා. වැලිගම වරාය ඉදිරියේදීම, ගාලු පාරෙ අපට හමුවුණේ රේන්ද විවීමට නම් දරාපු, සම්මාන ලාභී රේන්දවියන්නියක්‌. ඒ තමයි ලීලා ලේස්‌" හි ලීලශීලි මහත්මිය. ආච්චිගෙන් ඉගෙනගත්ත රේන්ද කර්මාන්තය අදත් ඇය කරන්නේ සංචාරක කර්මාන්තයේ තවත් එක්‌ කොටසක්‌ බවට පත්කරගෙන. පාර අයිනෙ රේන්ද විවීම වගේම ඇයගේ රේන්ද ප්‍රදර්ශනාගාරයත් හරිම විචිත්‍රයි.


කුෂ්ඨරාජගල
URL is hidden from guests, please register and login to view the hyperlink

වැලිගමට ආවොත් කුෂ්ඨරාජගලටත් යා යුතුමයි. මෙතැන ලොකු කළුගලක බෝධිසත්ව ප්‍රතිමාවක්‌ තනා තියෙන්නෙ ඉපැරණි ගල්වඩුවාගේ කුසලතාව ගැන මොනවට සඳහන් කරමින්. අවලෝකේතිශ්වර බෝධිසත්ව ප්‍රතිමාවක්‌ ලෙස හඳුන්වා ඇති මෙය කුෂ්ඨයක්‌ වැළඳුණු රජවරයෙකුගේ ප්‍රතිමාවක්‌ හැටියටත් සලකනවා. 8 වැනි සියවසේදී නිර්මාණයවුණු මේ ගැන තොරතුරු අපට ලැබුණේ තරමක්‌ අඩුවෙන්.


වැලිගම අග්‍රබෝධි රජ මහා විහාරය

බෝධි වන්දනා ගාථා අතර පහත ගාථාව කොයිතරම් අපට සමීප වූවක්‌ද. රටේ කොතැනක විසුවත් "බෝධි පූජා" යනාදියේදී අපි මේ ගාථාව නිරන්තරයෙන් ගායනා කරනවා. නමුත් දන්නවාද? මේ ගාථාව නිර්මාණය වුණේ වැලිගම අග්‍රබෝධි විහාරයේ බෝධීන් වහන්සේ නමස්‌කාර කිරීම සඳහායි. දැන් එය රටේම ගාථාවක්‌ බවට පත්වෙලා.

ජයශ්‍රීමා බෝධීන් වහන්සේගෙන් පැන නැගුණු දෙතිස්‌පල රැහ බෝධීන් අතරින් පළමු බෝධීන් කිහිපය දකුණු පළාතේ වන්දනීය ස්‌ථානවල රෝපණය කිරීම සඳහා රැගෙන යද්දී දිනක්‌ වැලිගම වෙහෙර අසල රැයක්‌ ගත කර තිබෙනවාලු. පසුදා මේ බෝධීන් අතරින් අග්‍ර වූ බෝධිය (ප්‍රථම) මෙම ස්‌ථානයේ මුල්බැස තිබූ නිසා එහි රෝපණය කළ බව පවතින විශ්වාසයයි. අග්‍රවූ බෝධිය නිසයි අග්‍රබෝධි විහාරය බවට පත්ව ඇත්තේ. මේ අග්‍රබෝධීන් වහන්සේ පිදූ ගාථාවයි "අග්‍රබෝධී නාම වාම...." වුණේ.

විහාරාධිපති මහාචාර්ය මිදිගම සෝරත හිමියන් ප්‍රකාශ කරන පරිදි මේ විහාරාස්‌ථානයේ ඉතිහාසය දෙවන පෑතිස්‌ යුගය දක්‌වා දිවෙනවා. අනුරාධපුර යුගයේ විහාර මන්දිරවල තිබූ මුල්ගල එනම්, "අෂ්ඨ මංගල ශිලාව" නොහොත් "අටමගල" මේ විහාර බිමෙන් සොයා ගැනීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. මෙවන් .වත් අටමගලක්‌ කෞතුකාගාරයේ පමණක්‌ තිබුණත් එහි පවා අෂ්ඨ මංගල ලක්‍ෂණ පැහැදිලි නැහැ.

මේ අටමගලෙහි කාලය ක්‍රි. ව. 8-9 සියවස්‌ දක්‌වා දිවයන බවයි නායක හාමුදුරුවන් අපට වදාලේ.

මේ විහාරය දැන් පූජා භූමියක්‌. කුෂ්ඨරාජගල බෝධිසත්ව ප්‍රතිමාව සමඟත් මේ විහාරය ළඟ සබඳතාවක්‌ තිබෙන බව කියනවා.


කුඹල්ගම
URL is hidden from guests, please register and login to view the hyperlink


වැලිගම ආරම්භයේදීම හමුවන කුඹල්ගම ගාල්ල - කතරගම පාරේදී අපට හමුවන වැදගත්ම අත්කම් භාණ්‌ඩ ගැන ප්‍රකට ගම්මානයක්‌. දෙවන පෑතිස්‌ යුගය දක්‌වා ඉතිහාසයක්‌ තිබෙන බව විශ්වාසකරන මෙම කුඹල්ගම, කුඹල් කර්මාන්තයෙන් දිවිගෙවන විශාල පවුල් ගණනක්‌ ඉන්නවා. තමන් විසින්ම සකසන මැටි භාණ්‌ඩ ඔබදමා පෝරණුවේ පුළුස්‌සා, වර්ණකර සංචාරකයන්ට අලෙවි කිරීම ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපායයි.


පැරණි මෙතෝදිස්‌ත දේවස්‌ථානය

වැලිගම නගරයේ පැරැණි මෙතෝදිස්‌ත දේවස්‌ථානයක්‌ ඇති බව අපට තොරතුරු කීවේ අපේ වැලිගම මාධ්‍යවේදී රන්ජන් ගාමිණී ජයවර්ධන මහතා. දැනගත් පරිදි 1814 දී ජෝර්ඡ් අර්ස්‌කයින් සහ විලියම් ඕල්ට්‌ යන මෙතෝදිස්‌ත පූජකයින් දෙදෙනකු වැලිගම වෙරළට ගොඩ බැස තිබණේලු. මේ ගැන හොයාගෙන අපි එහි ගියත් ලිත අවසරයකින් තොරව මේ ගැන තොරතුරු දෙන්න බැහැ කියලා දේවස්‌ථානයට සම්බන්ධ අයකු කීව නිසා අපි දේවස්‌ථානයේ පින්තූරයක්‌ පළ කරන්නේවත් මීටවඩා කිසි වක්‌ ලියන්නේ වත් නෑ.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තුතිය - රංජන් ගාමිණී ජයවර්ධන - දේ. සු. ද සොයිසා,


Source : Divaina 2011/01/23


Mon Feb 21, 2011 1:01 am
Profile
Welcome
Welcome
User avatar

Joined: Sun Jan 02, 2011 8:33 pm
Posts: 1696
Post Re: අපේ රට වටා
බලන් සකි සඳ අසිරි
මාතර


Image is hidden from guests, please register and login to view the Image



දෙනිපිටියේ නුගරුක

Image is hidden from guests, please register and login to view the Image


කොළොතොට, කොල්ලුපිටියේ ඉපැදුණු ගජමන් නෝනා, නොහොත් දෝන ඉසබෙලා (පෙරුමාල්) කොරනේලියා" දහතුන් වැනි වියේ සිටම හොඳ කවිකාරියක්‌ව සිටියා. දවසක්‌ වතුර ගේන්න ළිඳ ළඟට ගිය මේ කෙල්ල" කළේට වතුර පුරවල තිsයලා ළමයි එක්‌ක සෙල්ලම් කරන්න ගියා. එනකොට කළය තිබුණේ නෑ. ඉතින් කොරනේලියා මොකක්‌ද කළේ. කළය හංගපු "ජඩයට" ඇහෙන්න කවියක්‌ කිව්ව.

පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ
වතුර අරන් ළිඳ උඩ තැබුවාය කළේ
අට පහ නොදන්නා ජඩයෙකි මේක කළේ
ගෙදර යන්න දෙනවද මගෙ පුංචි කළේ
මේ ඇයගේ කාව්‍ය සිතුවිලි තරමයි.

1746 මාර්තු 10 වැනිදා උපන් ගජමන් නෝනා" කවියට උපන් හපන්කම් කීවේ පවුලේ අයගේ දක්‍ෂතා නිසාමයි. කොහොමහරි ඇයගේ දරු උපතකට බේත් හේත් ගන්න නිතර ආගියේ වැලිගම දෙනිපිටියේ වෙදගේගොඩ වෙද ගෙදරට. ඒ එනකොට දෙනිපිටියේ පොල් අතු ගඟ අසල තියෙන සුන්දර, ඒවගේම සුවිශේෂී නුග ගහ ගැන ඇයට දැනගන්නට ලැබුණා. මේ ළඟ තිබ්බ මුහන්දිරම් වලව්වෙ වැස්‌සියක්‌ ගඟට උඩින් වැටී තිබ්බ නුග අත්ත දිගේ එහා පැත්තට ගිහිං ඉරිදා පොළේ එළවළු කන්න පුරුදු වෙලා හිටියා. ඒ වගේම එදා මේ පාරෙන් ගිය උදවිය නුග ගහයට තිබ්බ අම්බලමෙ නැවතිල, පිං තාලියෙන් දියබීල නුග අත්ත දිගේ එගොඩ මෙගොඩ වුණා. ගජමන් නෝනා දෙනිපිටියේ නුග රුක වර්ණනාව කළේ මේ කතාන්දර සියල්ලක්‌ දැකල. ඒත් ඉතින් අවාසනාවකට අද මේ නුගරුක කපල එතැන සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ හදල. දැන් ඉතිsන් මෙතනට සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ තිබල වැඩක්‌ තියෙනවද කියලා අපට නම් මහා ප්‍රශ්නයක්‌ ඇතිවුණා. කොහොම වුනත් ඒ නුග රුක කපාපු අයටත් එක්‌ක බලන්න අපි ආයිමත් ගජමන් නෝනාගේ දෙනිපිටිය නුගරුක වර්ණනාවේ කවියක්‌ කියනවා.


පිනවන දුටු දන සෑම - ගඟ ළඟ පිහිටි කදීම
තුරුපෙළ අවට සැදීම - යුත් සෙවනැල්
ගන මෙ කැලෑවේ දිලීම - විහඟුන් මත රැව් දීම
සුළඟින් පත් ලෙලදීම - ඇති හැම කල්

යන එන දන සැපසේම - එහිදී හිඳ ගිම් සැනසීම
දසදිග අතු විහිදීම - තිබෙන විසල්
දෙනිපිටියට ඉතාම - වටිනා මහ නුගදුම
බලයකි එහි සිත් සේම - නිලඹර දුල්


ගජමන් වළව්ව

Image is hidden from guests, please register and login to view the Image


කොල්ලුපිටියේ හිටපු ගජමන් පවුල මාතරට ගියේ ගජමන් ආරච්චිට (ගජමන් නෝනාගේ තාත්තා) ලැබුණු ආණ්‌ඩුවේ තනතුරක්‌ හින්දලු. මේ අතරෙදී ගජමන් නෝනා වැඩිදුර කාව්‍යකරණය ඉගෙන ගත්තා. ඒ මාතර වේරගම්පිට රජමහා විහාරයේ කරතොට ශ්‍රී ධම්මාරාම හාමුදුරුවන්ගෙන්. පිරිමියෙක්‌ වගේ වෙස්‌ වළාගෙන. ඉංගී්‍රසි ආණ්‌ඩුවේ හම්බන්තොට - මාතර ආණ්‌ඩුවේ ඒජන්ත හා අයබදු එකතු කරන්නා වූ ජෝන් ඩොයිලිත් සිංහල ඉගෙන ගත්තෙ මේ කරතොට හාමුදුරුවන්ගෙන්ම තමයි.

ගජමන් නෝනාගේ දෙවැනි සැමියා වුණේ මාතර උයන්වත්තේ දොන් ගේබ්‍රියෙල් විජය විමල මුහන්දිරම්. ඔහුගේ අභාවයෙන් පස්‌සේ දරුවන් තුන් දෙනා හදාගන්න ගජමන් නෝනා මහත්සේ දුක්‌ වින්දාලු. ඉතින් ආණ්‌ඩුවේ ඒජන්ත ජෝන් ඩොයිලිට මේ දුක කවියකින් ලියල ඇරපු ගජමන් නෝනාට උදව් කළ ඩොයිලි, හම්බන්තොට නෝනාගම නමින් නින්දගමක්‌ පවා ලබා දුන්නාලු. මාතර වේරගම්පිට විහාරය ආසන්නයේම ගජමන් නෝනා දිවිගෙවූ ගජමන් වළව්ව තාමත් නිරුපද්‍රිතව තියෙනවා. ඉතින් දෙනිපිටියට වගේම මේ වළව්වටත් ගොඩවෙන්න අපි අමතක කළේ නෑ.

"සඳ මෙන් කවා ඇති කළ ළම පැටවුන්ඩ
අද දින පමණ නැත බත් උන් රැකගන්ඩ
සොඳ ගුණ ජෝන් ඩොයිලි දිසා මැතිඳුන්ඩ
වැඳගෙන දුක කියමි පිහිටක්‌ ලැබගන්ඩ


පොල්අතු මෝදර - මුට්‌ටිගස/පෙට්‌ටිගස

Image is hidden from guests, please register and login to view the Image


දෙනිපිටිය පහුකරගෙන තවත් දකුණු දෙසට එනකොට අපිට පොල්අතු මෝදර හමුවෙනවා. පොල්අතු ගඟ මුහුදට වැටෙන්නෙ මෙතනින්. කිලෝ මීටර් 57 ක්‌ දුර ගෙවාගෙන එන මේ ගඟ පටන් ගන්නේ ගාල්ලේ උඩුගමෙන්. මතකද දෙනිපිටිය නුග ගහ තිබ්බෙත් මේ පොල්අතු ගඟ අසලම තමයි.

මුට්‌ටිගස/පෙට්‌ටිගස

පොල්අතු මෝදර රේල් පාර ළඟ දුලබ, වටිනා ගහක්‌ තියෙනවා. පොත්පත්වලත් සඳහන් වන මේ ගහ හොයාගෙන අපිත් එහි ගියා. මේ තමයි ඉතා දුලබ එහෙත් සත්‍ය කඩොලාන ගණයට ගැනෙන මුට්‌ටි කඩොල් නම් ශාකය. ඞහකදජ්රචමි ටර්බ්එමප ලෙස හඳුන්වන මේ ගසට පෙට්‌ටි ගස කියලත් කියනවා.


සනත් ජයසූරිය ක්‍රීඩාංගණය


Image is hidden from guests, please register and login to view the Image


මාතර නගරයට ඇවිත් පාළමෙන් එගොඩවුණු ගමන් අපට පේන්නේ ලන්දේසි කොටුවේ ඔරලෝසු කණුව. කොටුවට යන්න කලින් එතන නැවතුණොත් දකින්න ලැබෙන්නේ කොටුවට පිටින් මුහුද අද්දර ඇති ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය. මේ තමයි ක්‍රිකට්‌ වලින් ශ්‍රී ලංකාවේ නම ලෝකෙටම ගෙනිච්ච සනත් ජයසූරියගෙ නමින් නම් කළ ක්‍රීඩාංගණය. සනත් ජයසූරිය ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය.

ජාත්‍යන්තරයේ මාතර ලකුණ අන් කිසිවක්‌ නොවේ. සනත් ජයසූරියම තමයි. 1996 ක්‍රිකට්‌ ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමට ඔහු කළ කාර්යය විශිෂ්ටයි. 1989 සිට ජාතික කණ්‌ඩායමේ ඉන්න සනත් එක්‌ දින තරග ජාත්‍යන්තරයේ ලකුණු 13000 ක්‌ සහ කඩුලු 300 ක්‌ ඉක්‌මවූ එකම ක්‍රීඩකයාද වෙනවා.

ලොව වේගවත්ම අර්ධ ශතකය, ලොව වේගවත්ම ශතකය සහ ලොව වේගවත්ම ලකුණු 150 රැස්‌ කිරීමේ වාර්තා ඔහු තැබුවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්‌ට්‌ තරග 100 ක්‌ ක්‍රීඩා කළ ප්‍රථමයාත් සනත්. ඉතින් මාතර ක්‍රීඩාංගණය සනත්ගේ නමින් නම් වුණේ ඔහුට ගරු කිරීමක්‌ වශයෙන්.


මාතර ලන්දේසි කොටුව

Image is hidden from guests, please register and login to view the Image


ගාල්ල වගේම මාතර කොටුවත් ලන්දේසීන්ගේ යුද බලකොටුවක්‌. නිර්මාණශීලිත්වය හා ශක්‌තිමත් භාවය අතින් එය විශිෂ්ට නිර්මාණයක්‌. එක්‌ පැත්තක්‌ මුහුදට මුහුණලා තිබෙන මෙය තවත් පැත්තකින් නිල්වලා ගඟට මායිම් වෙනවා. ගාල්ල වගේම මාතර කොටුව තුළත් පැරැණි ගොඩනැඟිලි රැසක්‌ම පවතින්නේ අතීත මාතර නගරය මේ බව අපට පසක්‌ කරමින්.


රෙපරමාදු පල්ලිය

Image is hidden from guests, please register and login to view the Image


ලන්දේසි පෙරමාදු දේවස්‌ථාන හතරක්‌ ගැන සඳහන් වෙනවා. 18 වැනි සියවසේදී ඉදිවුණු මේවා ලන්දේසි ආක්‍රමණයත් සමගයි බිහිවුණේ. ගාල්ල රෙපමාදු දේවස්‌ථානය ගැන අපි කතා කළා. එවැනිම දේවස්‌ථානයක්‌ මාතර කොටුව තුළත් තියෙනවා. යාපනය හා කොළඹ තමයි ඉතිරි රෙපරමාදු පල්ලි තිබිල තියෙන්නේ. මෙහි ඉදිරියේ 1767 දී ඩැනියල් බර්රාට්‌ ඔ ඔපර්කූප්මන්ට්‌ යන වදනක්‌ සඳහන්ව තිබෙනවා.

මාතර නගරයේ ලන්දේසි කොටු දෙකක්‌ම තියෙනවා. එකක්‌ "තාරකා කොටුව" ඒ ගැන අපි අද කතා කරන්නේ නෑ. ඒ ගැන ලබන සතියට ඉතිරි කරල අද අපි කියන්නෙ පැරැණි "පරෙවි දූපත" ගැන නොහොත් වත්මන් "උපෝසථාගාරය" ගැන.


නිල්වලා ගං තොට

Image is hidden from guests, please register and login to view the Image


මේ තමයි අද අපගේ නවාතැන. මාතර නගරයෙන් මුහුද සිපගන්නා නිල්වලාවේ මෝයට අපි ගියේ මාතර පැරැණි ලන්දේසි කොටුව මැදින්. ජනාකීර්ණ නොවූ, නිසසල පෙදෙසක, පොල්වත්තකට යාව පිහිටි නිල්වලා මෝය, දුටු විගස මට සිහිවුණේ අප ගමන පටන් ගත්ත කැලණි ගං මෝය. මොකද, මේ දෙකේම පෙනුම එක වගේ හින්දා. සිංහ රාජයේ ගොංගල කන්දෙන් ඇරඹෙන නිල්වලාව ලංකාවේ ප්‍රකටම ගංගාවක්‌.


රන් දූපත උපෝසථාගාරය

Image is hidden from guests, please register and login to view the Image


ඉස්‌සර පරෙවි දූපත දැන් රන් දූපතයි. මුහුද මැද තිබුණු මේ දූපත කලක්‌ ගල් පරෙවියන් විසූ අලංකාර වූවක්‌. එහෙත් විවිධ කටයුතුවලට යොදාගත් මේ දූපත දැන් බෞද්ධාගමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත්වෙලා. සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපෝසථාගාරය වන්නේ දැන් මේ විහාරයයි. රෝහණ පාර්ශ්වයේ භික්‍ෂූන්ගේ උපසම්පදා විනයකර්ම මෙහිදී සිදුකෙරෙනවා. ඉතා අලංකාර රන් දූපත සතර මහා දේවාලවලින් ආරක්‍ෂාව ලබන අති උතුම් පිං බිමක්‌.


අප ස්‌වාමි දුවගේ සිද්ධස්‌ථානය/දේවස්‌ථානය

Image is hidden from guests, please register and login to view the Image


මාතර ගැන කතා කරන කොට මේ සිද්ධස්‌ථානය ගැනත් කතා කළ යුතුමයි. මේ දේවස්‌ථානයේ තොරතුරු සොයා ගිය ගමනේදී දේවස්‌ථානයේ චාල්ස්‌ හේවාවසම් පියතුමා අපට ලබාදුන්නු කාරුණික අනුග්‍රහයත් විශේෂයෙන් සඳහන් කළ යුතුමයි.

මේ දේවස්‌ථානය මඩුපල්ලිය, තේවත්ත, තල්විල වගේම තවත් වැදගත් සිද්ධස්‌ථානයක්‌. ඉතින් ආගම් භේදයකින් තොරව ජනයා මෙහි පැමිණෙනවා. වාර්ෂික මංගල්ලයක්‌ ජයටම කෙරෙන්නෙ රාජ්‍ය අනුග්‍රහය ඇතිව.

මෙය සිද්ධස්‌ථානයක්‌ වන්නේ කිතුණුවන් "මාතර මෑණියන්" ලෙස මෙහි පවතින ප්‍රතිමාව වන්දනා මාන කරන නිසා. වසර 500 කටත් වඩා ඉතිහාසයක්‌ තියෙන බව කියන මෙම ප්‍රතිමාවේ ක්‍රිස්‌තුස්‌ වහන්සේ ළාබාල අවධියේදී මරිය තුමිය විසින් වඩාගෙන සිටින ආකාරය පිළිබිඹු කෙරෙනවා. ඒ වගේම මෙම ප්‍රතිමාව ආශ්චර්යවත් එකක්‌ ලෙසයි සැලකෙන්නේ. ඒ කිහිප විටක්‌ම මුහුදු බත් වෙලා නැවත නැවත හමුවෙලා තියෙන නිසාම.

පළමුව මේ ප්‍රතිමාව හමුවෙලා තියෙනවා කියන්නේ මීට වසර 500 කට පමණ කලින් වැලිගම ධීවර පිරිසකට. ඒ මුහුදේ පාවෙලා ආපු පෙට්‌ටියක තිබිලා. පස්‌සේ මාතර තිබ්බ දේවස්‌ථානයට භාර දුන්නාලු. 17 වැනි සියවසේ මුල් භාගයේදී පිළිමය පිළිසකර කරන්නට බෙල්ජියමට යෑව්වාලු. පිළිසකර කර "බීච්" නම් නැවේ එන ගමනේදී කුණාටුවකට හසුව ප්‍රතිමාව නැවත මුහුදු බත් වුණු බවයි කියන්නේ. ආයිමත් ප්‍රතිමාව ලැබුණු කෙනෙක්‌ එංගලන්තයේ මිඩ්ල්ස්‌ බරෝ වරායට නැවකින් ගෙනිහිල්ල තියෙනවා. එතනදීත් අතුරුදන් වෙලා තිබුණු ප්‍රතිමාව අදේවවාදී අයකු ළඟ තිබිල මුහුදට දමල තිබිල හමුවුණු බවත්, මූර්ති ශිල්පී (බෙල්ජියම) හෙන්ට්‌ හී සියස්‌ විසින් පිළිසකර කරල බෙල්ජියම් ජාතික ජෝශප් වෑන් රීඩ් බිෂප්තුමන්ට භාර දුන් බවත් කියනවා. මේ පියතුමා තමයි ගාල්ල ආසන දෙව් මැඳුරේ පළමු පියතුමා වුණෙත්. 1912 දී බිෂප්තුමා ලංකාවට ආවත් ආයිමත් ප්‍රතිමාව නැවේ තිබුණේ නැතිලු. ඒත් පසුව ආපු "කුකමාර්" රුවල් නැවෙන් ප්‍රතිමා පෙට්‌ටිය ලංකාවට ගෙනවිත් මාතරට යළිත් භාරදීල තියෙනවා. 1912 නොවැම්බර් 12 තමයි මේ සුරුවම වත්මන් දේවස්‌ථානයේ තැන්පත් කරල තියෙන්නේ. තවත් පුදුමයක්‌ නම් 2004 දෙසැම්බර් සුනාමියට මේ දෙවස්‌ථානයත් හසුවෙලා ආයිමත් ප්‍රතිමාව මුහුදට ගසාගෙන ගියා. ඒත් දින තුනකින් හක්‌මන ප්‍රදේශයේ මිල්ටන් හක්‌මනගේ මහතාට හමුවෙලා නැවත භාරදීල තියෙන්නෙ සුනාමියට අහුවෙලත් කිසිදු අඩුපාඩුවක්‌ නැතිවලු. ඉතින් මේ සියලු දැ සිහිකර මරියතුමියගේ උපන්දිනය යෙදෙන සෑම සැප්. 8 දාකම වාර්ෂික මංගල්ලය කරනවාලු.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තුතිය - කේ.එච්. පියසේන රංජන් ගාමිණී ජයවර්ධන දේ. සු. ද සොයිසා


Source : Divaina 2011/01/30


Mon Feb 21, 2011 1:03 am
Profile
Welcome
Welcome
User avatar

Joined: Sun Jan 02, 2011 8:33 pm
Posts: 1696
Post Re: අපේ රට වටා
දකුණු ලක සයුර ඉම
දෙවුන්දර තුඩුව


Image is hidden from guests, please register and login to view the Image


මාතර බෝධිය

Image is hidden from guests, please register and login to view the Image


මාතර ගැන කතා කරන විට මාතර බෝධිය ගැන කතා නොකර කොහොමද? මාතර බෝධියට වඩා බෝධිය රෝපිත භූමිය ගැන හරි අපූරු කතාවක්‌ තියෙනවා. ඒ කතාව ක්‍රිස්‌තු වර්ෂ 515 දක්‌වා ඉතිහාසයක්‌ තියෙන එකක්‌. මහා පඬි කුමාරදාස රඡ්ජුරුවන් ගැන වගේම මහාකවි කාලිදාසයන් ගැනත් ඔබ අහල තියෙනවා ඇති. අනුරාධපුර යුගයට අයත් රජවරයකු වූ කුමාරදාසයන්ගේ සීයා තමයි කලා වැවත් හදපු ධාතුසේන රජතුමා. ධාතුසේන රජුගේ පුත් මුගලන්ගේ පුතා තමයි එතකොට මේ කුමාරදාසයන්. කුමාරදාසයන් තම වැඩිදුර අධ්‍යාපනය ලබන්න භාරතයට පවා ගියාලු. ඒ නිසා තමයි මහා කවි කාලිදාසයන් කුමාරදාසයන්ගේ අඹ යාළුවකු බවට පත් වුණේ. ඉතින් කාලිදාසයන් ලංකාවටත් ආවා. එහෙත් හදිසියේ ඔහු මෙහෙදී මියගියා. තම මිතුරාගේ වියෝගය දරා ගන්න බැරි තරමේ වේදනාවක්‌ වූ නිසා තම බිසවුන් සමග කුමාරදාසයන් කාලිදාසගේ සෑයට පැන දිවි නසා ගත්තාලු. ඒ සෑය ඉදිවූ තැන වශයෙන් සලකන්නේ මේ මාතර බෝධිය රෝපිත භූමියලු.


තාරකා කොටුව

Image is hidden from guests, please register and login to view the Image


අද අපි මාතර තාරකා කොටුව ගැනත් කතා කරනවා. ලන්දේසි මහ කොටුව ගැන පහුගිය ඉරිදා කතා කළානේ. මේ තාරකා කොටුවත් හැදුවේ ලන්දේසීන්ම තමයි. නිල්වලා ගඟේ බටහිර ඉවුරේ ඊට මීටර් 200 ක්‌ උතුරින් පිහිටා තිබෙන මේ සුවිශේෂ ගෘහ නිර්මාණ ශිල්පීය තාරකා කොටුව නිර්මාණය කළ බව කියන්නේ මාතර කොටුවට ගොඩ බිමෙන් එල්ලවන සතුරු ප්‍රහාරවලට මුහුණ දීම සඳහා.

දිය අගලකින් වටවෙලා, ගණ බිත්ති සහිතව හදා තිබෙන මෙහි හැඩය තාරකාවක්‌ වගේ. අවශ්‍ය වේලාවට දොර (දෙකක්‌) උස්‌ පහත්කර කොටුව වසාදමා දිය අගලෙන් වෙන් කිරීමටත් මෙය තනා තියෙනවා. 1763 දී මෙය රෙඩියුටේ වෑන්එක්‌ නම් ලන්දේසි ආණ්‌ඩුකාරයාගේ අදහසකට අනුව නිර්මාණය වුණු නිසා එය හඳුන්වන්නේ ඒ නමින්ම තමයි. කොටුව ඉදිරියේ ලන්දේසි ලකුණත්, නමත් සටහන් කර තිබෙනවා. කොහොම වුණත් මේ ගොඩනැඟිල්ල ඉදිකරල තියෙන්නෙ ප්‍රාදේශීය පාලකයෙක්‌ වන ඔරුකෙම මුහන්දිරම්. අපේ රටේ ඇති බලකොටු අතර නිර්මාණාත්මක හා කුඩාම ලන්දේසි බලකොටුව මෙයයි.

ප්‍රවේශය, පිටත බෑවුම, දියඅගල, ඇතුළත ප්‍රාකාරය, ආයුධ කවුළු, ආරක්‍ෂක පවුර, හකුලන පාලම, වෙඩි බෙහෙත් ගබඩාව, සොල්දාදු කාමර, ගබඩා කාමර, කාර්යාලය, ළිඳ, වේදිකා, විවෘත මිදුල යන අංග මෙහි තිබුණත් මෙහි ප්‍රමාණය පර්චස්‌ 15 ක්‌ තරම් ඇති.

කොහොමහරි විවිධ කාලවලදී විවිධ දේවලට භාවිතා කළ තාරකා කොටුව දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මාතර දිස්‌ත්‍රික්‌ කෞතුකාගාරය ලෙස භාවිතා කරනවා.


ඕලන්ද වෙළෙඳ මධ්‍යස්‌ථානය

Image is hidden from guests, please register and login to view the Image


ලන්දේසීන්ගේ මාතර වෙළෙඳ මධ්‍යස්‌ථානය අපට හමුවන්නෙ නූපේ හන්දියේදී. එකල මාතරට ගෙන ආ විදේශීය බඩු භාණ්‌ඩත්, ලංකාවෙන් පිටරටට ගිය බඩු භාණ්‌ඩත් එකතු වූ මධ්‍යස්‌ථානය තමයි මේ ස්‌ථානය. ඉංග්‍රීසි "ඹ" අකුරක හැඩයට ගොඩනැඟිලි තුනකින් සමන්විත මෙය මාතරදී අදත් දැකබලා ගත හැකියි.


සරම්මුදලි වලව්ව රැ රාහුල විදුහල

Image is hidden from guests, please register and login to view the Image


අද ප්‍රකටම හා උසස්‌ම පාසලක්‌ වන මාතර රාහුල විද්‍යාලය කලෙකට ඉහතදී ප්‍රකට වළව්වක්‌. ඒ සරම් මුදලි නොහොත් සේරම් මුදලි වළව්වයි. ගංගා රෝහණ වර්ණනාව වැනි ප්‍රකට කවි පොත් ලියූ සරම් මුදලිවරයා, මාතර යුගයේ දිවිගෙවූ කවියෙකු ලෙසයි ප්‍රකටව සිටියේ.


වේරගම්පිට රජ මහා විහාරය

Image is hidden from guests, please register and login to view the Image


අපි පසුගිය සතියෙ කිව්ව ගජමන් නෝනා කාව්‍යකරණය කළේත් ජෝන් ඩොයිලි සිංහල ඉගෙන ගැනීමටත් සම්බන්ධ වේරගම්පිට පන්සලේ සේයාරුවක්‌ තමයි මෙහි දැක්‌වෙන්නේ. ප්‍රකට පැවිදි පඬිරුවනක්‌ වූ කරතොට ප්‍රඥ්Æසීහ නාහිමියන් වැඩවාසය කළේත් මේ පන්සලේ තමයි.

වෙහෙරහේන

Image is hidden from guests, please register and login to view the Image


වට වන්දනාවේ යන අයට අමතක නොවනම තැනක්‌ තමයි වෙහෙරහේන. ඉතින් අපිත් මාතර ගමනේදී වෙහෙරහේන පූර්වාරාම විහාරස්‌ථානයටත් ගොඩවැදුණා. අසූ අට රියන් පිළිම වහන්සේත්, මහල් විහාරස්‌ථානයත්, පොළෝ ගැබ තුළ නිර්මාණය කර ඇති බිතු සිතුවම්, පිළිම සහිත විශ්මිත විහාරයක්‌ බෞද්ධයින්ට වගේම සංචාරකයන්ටත් කිසිදා අමතක නොවන තැනක්‌. විහාරයේ නිර්මාතෘ පරවාහැර රේවත නාහිමිත් මේ අවස්‌ථාවේ අපි නමස්‌කාර පූර්වකව සිහිපත් කළ කළ යුතුයි.


දෙවුන්දර ප්‍රදීපාගාරය

Image is hidden from guests, please register and login to view the Image


අපේ රටේ හතර කොන මනින මග ලකුණු අතර, දෙවුන්දර ප්‍රදීපාගාරයට හිමිවන්නේ ප්‍රධාන තැනක්‌. මේ ප්‍රදීපාගාරය තමයි ලංකාවේ උසම ප්‍රදීපාගාරය. 1878 දී තනා ඇති මෙහි උස අඩි 160 ක්‌. යුරෝපීයන් මෙය හඳුන්වා තිබෙන්නේ "ඩොන්ඩ්‍රා ලයිට්‌ හවුස්‌" නමින් ඒ "දෙවුන්දර" කියන හින්දම වෙන්න ඇති. කොහොමවුනත් ගල්වලින් නිර්මිත මෙය, විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පයකින් සමන්විතයි. ඒ අසලම තමයි ලංකාවේ දකුණු කෙළවර සලකුණු කරපු "මායිම් ගලත් තියෙන්නේ.


දෙවිනුවර රජ මහා විහාරය

Image is hidden from guests, please register and login to view the Image


දෙවිනුවර රජ මහා විහාරය පිහිටල තියෙන්නේ දේවාලයට යාබදවයි. විසල් හිටි පිළිම වහන්සේ සමඟ ගාලු හම්බන්තොට මාර්ගයට දිස්‌වන මේ විහාරයන් පණ්‌ඩිත පරාක්‍රමබාහු සමයේදී විශාල දියුණුවකට ලක්‌ව තිබෙනවා. රට වෙනුවෙන් නැගී සිටි භික්‍ෂූන් වැඩසිටි තවත් එක්‌ පිංබිමක්‌ තමයි මෙම දෙවිනුවර විහාර බිම.


දෙවිනුවර විශ්ණු දේවාලය

Image is hidden from guests, please register and login to view the Image


මාතර නගරයේ ඉකුත් සතියේ ගත කළ අපි වෙරළ උද්‍යානය දිගේ ඇවිත් ළඟා වුණේ "බ්‍රවුන්ස්‌ හිල්" ප්‍රදේශයට. එතැනින් කිලෝ මීටර් තුනක්‌ විතර ගියාම තමයි දෙවිනුවර හමුවන්නේ.

දෙවිනුවර කාරණා කිහිපයකටම ප්‍රසිද්ධ ස්‌ථානයක්‌. ඉන් ප්‍රධාන තැනක්‌ ගන්නේ දෙවිනුවර මහා විෂ්ණු දේවාලය. උපුල්වන් විෂ්ණු දෙවියන් වැඩ වාසය කරන පුද බිම නොහොත් ප්‍රධාන දෙවොල් බිම තමයි මේ දෙවිනුවර.

රාවණ-රාම යුද්ධයෙන් පස්‌සේ, ක්‍රිස්‌තු පූර්ව පස්‌වැනි සියවසේ මේ දේවාලය බිහිවුණු බවයි කියන්නේ. දකුණේ යුව රජකුව හිටි දාපුලුසෙන් (ක්‍රි.ව. 664) රජුට හීනෙන් ඇවිත් කීව කෙනෙක්‌ මුහුදේ පාවී එන කිහිළි කොටයක ප්‍රතිමාවක්‌ හදා පූජා කරන්නට නියමයක්‌ කර ඇති බව ජනප්‍රවාදයේ එනවා. ඒ අනුව කිරල වැල්ලට මුහුදේ පාවී ආ සඳුන් කොටයක්‌ මඟුල්වැල්ලට ගෙනවිත් දේව රූපය හදන්න කෙනකු හොයන විට විශ්වකර්ම දේව පුත්‍රයා මහලු වේෂයක්‌ මවාගෙන ඇවිත් රූපය නෙළන්න රජුගෙන් අවසර ඉල්ලුවලු. ඒ සඳහා රහස්‌ තැනක්‌ දෙන ලෙසත් ඉල්ලුවලු. කොහොමහරි පහුවෙනිදා බලද්දී අර පුද්ගලයා හිටියේ නැතිලු. දේව රූපය නිමාකරල තිබිල තියෙනවා. ඒ පිළිමය තැන්පත් කරල තමයි මෙතන දේවාලය පටන් ගත්ත කියල කියන්නේ. ඒ දෙවිනුවර දෙවොල් බිම "ජය භූමියක්‌" බවට පත්වෙලා තිබුණ නිසාලු. මෙහෙම ගොඩනැඟුණු දෙවිනුවර විශ්ණු දේවාලය ක්‍රි.ව. 1257-58 වර්ෂ වලදී පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ කාලයේදී යළිත් ප්‍රතිසංස්‌කරණය කර පෙරහැර පටන් ගෙන තිබෙනවා. ඒ රජුගේ ඇතිවුණු නිමා නොවුණු හිසේ රුදාවක්‌ සුවකර ගන්න අගමැතිවරයා වූ දේව පතිරාජ ඇමැතියා දේවාලයට භාරයක්‌ වුණාලු. ඒ භාරය අනුව හිසේ රුදාව නිමාවූ බවත් ඉන්පසු පෙරහැර පටන් ගෙන ප්‍රතිසංස්‌කරණය කළ බවත් කියනවා. නමුත් ඊට පෙර 1586-87 දී පෘතුගීසින් දේවාලය විනාශ කර වෙරළබඩ විහාරවල තිබූ ඇත් දළ, මුතු මැණික්‌ නැව් හතක පුරවාගෙන යද්දී නැව් හතම මුහුදු බත්වූ බව කියනවා. ඒ විතරක්‌ නෙමේ අර සඳුන් දේව ප්‍රතිමාවත් හිස කපා විනාශ කරාලු.

පෘතුගීසීන්ට මේ දේව ප්‍රතිමාව විනාශ කරන්න තවත් ප්‍රධාන අවශ්‍යතාවක්‌ තිබුණාලු. මේ දේවාලය මුහුද දෙසට මුහුණලා පිහිටීමත්, ප්‍රධාන නැව්මාර්ග තුනක්‌ යාවන දකුණු මුහුදට මුහුණලා පිහිටීමත් හේතුවෙන් පෘතුගීසීන්ගේ නැව් විශාල ප්‍රමාණයක්‌ මේ අවටදී මුහුදු බත් වුණාලු. ඉතින් ප්‍රතිමාවේ දෘෂ්ඨිවිතානය වෙනස්‌ කරන්නත් එක්‌ක ප්‍රතිමාව කපා පහත් කර ඇති බව තමයි ප්‍රධාන කපු මහතා අප සමග කීවේ.

පෘතුගීසී හමුදාවන්ගේ ග්‍රහණයට ලක්‌වුණු වෙරළබඩ කලාපය කොළඹ සිට දෙවුන්දර දේවාලය දක්‌වා වෙහෙර, විහාර, දේවාල විනාශයට ලක්‌වුණු බව තමයි කියන්නේ. කොහොම වුනත්, ආයිමත් ලන්දේසි යුගයේදී එනම් 1728 දී නැවත දේවාලය ගොඩනගල පුද පූජා පවත්වලා තියෙනවා. පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ කාලයේ හදපු දේවාලය නැවත 1955 දී ප්‍රතිසංස්‌කරණය කර තිබෙනවා. දැන් අපි දකින්නේ ඒ විශ්ණු දේවාලය තමයි.


රාවණ - රාම හටන

ලාංකීය රාවණයන් සහ දකුණු ඉන්දියාවේ රාමයන්ගේ සුප්‍රකට "රාවණ - රාම යුද්ධය" අපි බොහෝ දෙනෙක්‌ අසා තිබෙනවා. ඒ යුද්ධය සිදුවූ යුද බිම ලෙස සැලකෙන්නේත් මේ දෙවිනුවරම තමයි. අවසන් සටනේදී රාම විසින් දුනුදිය ඇද මුදා හැරී හී පහරෙන් රාවණයන් මැරී වැටුණේ මෙතැනදීලු. එහිදී "ජයබිමක්‌" වූ තැන මෙසේ දේවාලය ඉදිකළාලු. ඒ "උප්පලවණ්‌න" දෙවිඳුන් උදෙසාය. නැතහොත් විෂ්ණු දෙවිඳු උදෙසාය.


ගල්ගේ

Image is hidden from guests, please register and login to view the Image


රාවණයන් මිය ගිය තැන ඊට මීටර් ගණනක්‌ එපිටින් පිහිටියේලු. ඔව්, ඔය කියන තැනත් අපි හොයාගෙන ගියා. ඒ තමයි තරමක්‌ නුදුරෙන් තියෙන ගල්ගේ කියන තැන. තනිකරම ගලෙන් නිමවා ඇති මෙය අපට සිහිකරන්නේ නාලන්දා ගෙඩිගේ. පොළොන්නරුසම්ප්‍රදායට තනා ඇති මෙතැනත් දේවාලයක්‌ වගේ දිස්‌වුනත්, පාලු හුදකලාවේ පවතින්නේ පුරාවිද්‍යා රැකවරණය යටතේ. කැලණියේදී රාවණයන්ගේ සොයුරු විභීෂණ දෙවිඳුන් වැඳ පටන්ගත් අපගේ ගවේෂණ චාරිකාව අද දෙවුන්දරට ළඟා වෙද්දි ඊටම සම්බන්ධ කතාවකින් මේ මග සලකුණු පසුකරන්න ලැබීම එක්‌ අතකින් ඉතිහාසය ගවේෂණයක්‌ වගේ.


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තුතිය - කේ.එච්. පියසේන දේ. සු. ද සොයිසා


Source : Divaina 2011/02/06


Mon Feb 21, 2011 1:03 am
Profile
Welcome
Welcome
User avatar

Joined: Sun Jan 02, 2011 8:33 pm
Posts: 1696
Post Re: අපේ රට වටා
කැස්‌බෑවන්ගේ අභය බිම
රැකව

URL is hidden from guests, please register and login to view the hyperlink


දෙවුන්දර තුඩුවෙන් සමුගෙන අද අපි අපේ ගමනේ දෙවැනි අදියරට පා තබනවා. ඒ තංගල්ලෙ රැකව මුහුදු වෙරළේ කඳවුරු බැඳගෙන. කොළොම් තොටෙන් පටන්ගෙන දකුණු දිග ඔස්‌සේ නැගෙනහිරට යන ගමනේ අපි තාමත් ඉන්නෙ දකුණු පළාතේ. ඒත් අපි මාතර පහුකරල. දැන් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයට ඇවිල්ලා. තවත් නොබෝදිනකින් හම්බන්තොට නගරයට අපි ළඟාවෙනවා.


වාර්තාගත සැතපුම් කණුව
URL is hidden from guests, please register and login to view the hyperlink


දෙවිනුවර පූජා භූමි නගරය ආසන්නයේදී අපට තවත් වැදගත් මං සලකුණක්‌ හමුවෙනවා. ඒ, තමයි 103 වැනි සැතපුම් කණුව, මේ කණුව අඩි හතක්‌ පමණ උසයි. 1808 දී ග්‍රෑන්ඩ් විල් නමැති ඉංග්‍රීසි ජාතිකයා තමයි මෙය පිහිටුවා ඇති බව කියන්නෙ. ලංකාවේ මෙවන් උස සැතපුම් කණුවක්‌ තවත් හමුවන්නේ නැති බවයි අපට ආරංචි වුණේ.


හුම්මානය / Blow hole
URL is hidden from guests, please register and login to view the hyperlink


දෙවුන්දර තුඩුව පහුකරල තවත් දකුණට යනකොට අපිට ගන්දර කුඩාවැල්ල ප්‍රදේශ හමුවෙනවා. මේ කුඩාවැල්ල ප්‍රදේශය මුහුදු වෙරළේ සුවිශේෂී භූ පිහිටීමකට ඉතාම ප්‍රකටයි. ඒ තමයි අපි කවුරුත් දන්න "හුම්මානය". කුඩාවැල්ලෙන් හැරිල කිලෝමීටර දෙකක්‌ විතර ගියාම හුම්මානයට ළඟා විය හැකියි. කිලෝමීටරයක්‌ විතර වාහනයකින් ගිහිං, වාහන මග නවත්තල තමයි හුම්මානයට, නැත්නම් කුඩාවැල්ලට පයින් යන්න තියෙන්නේ. හුම්මානය අපට හුරුපුරුදු තැනක්‌ වුණාට, රට වටා ගවේෂණ චාරිකාවේදීත් අපි හුම්මානය බලන්න ගියා.

මෙතැන මුහුදට තියෙන්නෙ දළ බෑවුමක්‌. ගල්පරවලින් සමන්විතයි. කුඩා කඳුගැටයක්‌ මත ඉඳන් බලන්න තියෙන මේ "හුම්මානය" කියන්නේ ගල් දොබොක්‌කාවක්‌ අතරින් එන වේගවත් රළ පහරට ජල කඳක්‌ ඉහළට විදීමයි. හරියට වතුර මලක්‌ මෙන් ඉහළට විඳින ජල කඳ පෙණපිඬු වගේම, පිනි වළාවක්‌ හදල ආයිමත් ගල් දෙබොක්‌කාවට වැටෙනවා. මේ වගේ දුලබ, වටිනා ස්‌ථාන අපේ රටට ආඩම්බරයක්‌. සංචාරකයින් ආකර්ෂණය කරන්නා මෙවන් තැන් මගින් අපේ රටට විදේශ විනිමයන් එකතුවෙනවා. අපි යනකොටත් හුම්මානය බලන්න සැලකිය යුතු සංචාරක පිරිසක්‌ එහි පැමිණ සිටියා. ඇත්තටම වේගයෙන් ආ රළ දහරක්‌ වැදී සංචාරකයින් අමන්දානන්දයට පත්කරමින් "හුම්මානයේ" වතුර මල" ක්‍රියාත්මක වුණේ අප හැමගේම අත්පොලසන් හඬ මැද්දේ.


වැව්රුකන්නල
URL is hidden from guests, please register and login to view the hyperlink


බුදු පිළිමය නිර්මාණය කිරීම ඇතුළු මේ විහාරයේ ඉතිහාසය කතාව අපට කිව්වේ විහාරාධිපති ආචාර්ය දික්‌වැල්ලේ තිස්‌ස නාහිමියන්.

මේ විහාරය බිහිවෙලා තියෙන්නේ මහනුවර යුගයේදී. රාජාධිරාජසිංහ රජුගේ සහ මඩකුඹුරේ වාසල දේවියගේ පුත්, කිරින්දේ සිරි සීලානන්ද සංඝරතන නමින් වෙස්‌වලාගෙන පැවිදිවෙලා හිටිය කියන්නේ මේ වැව්රුකන්නල විහාරය හැදුව නැත. එදා එල්ලවුනු සතුරු ආක්‍රමණයන්ගෙන් බේරෙන්න. රාජකුමාර හාමුදුරුවෝ නමින් ප්‍රකට වුනු ඒ හාමුදුරුවන්ට සීලානන්ද නම ලැබුණෙ ගම්පල තමන් දිවිගෙවූ සුදස්‌සනානන්ද වලව්ව හින්දලු. කොහොමහරි අමුරපුර නිකාය පිහිටුවීමේලා කිරින්දේ හිමියන් සැලකිය යුතු මෙහෙයක්‌ ඉටුකළ බව අපට විහාරාධිපති හාමුදුරුවන් කිව්වෙ කැලණියේ තියෙන සෙල්ලිපියක්‌ ගැන සිහිපත් කරමින්. කිරින්දේ හාමුදුරුවන් තමයි වැව්රුකන්නල විහාරයේ දාගැබ තනවා එහි ධාතූන් නිධන් කර ඇත්තේ. එදා පටන් ගත්ත සති පිරිත් දේශනය අද දක්‌වාත් මෙහි සිදු කරනවාලු.

1839 දී පිරිත් මණ්‌ඩපයක්‌ හැදුව විහාරාධිපති වැලිහිටියේ සිරි සුමන හාමුදුරුවෝ සති පිරිත් දේශනය තවත් උත්කර්ෂවත්ව කර තිබෙනවා. ඒ හදපු පිරිත් මණ්‌ඩපය අදත් විහාරයේ තියෙනවා. අදත් පිරිත් කියන්නේ ඒ මණ්‌ඩපයේ තමයි. දැන් ඊට වසර 171 ක්‌.

සම්බුලා ජාතක කතාව, දීඝිති කෝසල ජාතක කතාව, නව මයුර සංදේශය වැනි ග්‍රන්ථ රැසක්‌ රචනා කළ වැලිහිටිය හාමුදුරුවෝ වියත් පඬිරුවනක්‌.

1899 පසු විහාරාධිපතිධුරයට පත් බත්ගම සිරි සද්ධාතිස්‌ස හාමුදුරුවෝ වත්මන් විහාර ගෙය ගොඩනැඟුවා. පොළොන්නරු යුගයෙන් පසු බිහිවූ වටිනාම විහාර කර්මාන්තය මේ බවයි විද්වතුන් කියා සිටින්නේ. බත්ගම හාමුදුරුවන් මැව්ව සිහිනයක්‌ තමයි මේ වැව්රුකන්නල විසල් පිළිමය. ඒ සඳහා 1914 අප්‍රේල් 21 වැනිදා "ලක්‌මිණි පහන" පුවත්පතේ දැන්වීමක්‌ පවා පළකරල අසු අට රියන් පිළිමයක්‌ තනන්නට උන්වහන්සේ කටයුතු කරල තියෙනවා. ඒත් ඒ සිහිනය ඉටු නොවීම උන්වහන්සේ 1955 දී අපවත් වුණා. ඉන් පස්‌සේ විහාරාධිපති වුණු දික්‌වැල්ලේ සිරි විමලතිස්‌ස හාමුදුරුවෝ තම නායක හිමියන්ගේ සිහිනය ඉටු කරමින් රියන් සියයක (අඩි 150) පිළිමය තැනුවේ 1966 - 69 දී අවුරුදු තුනක්‌ වැනි කෙටි කාලයකදී.


ලංකාවේ යෝධ ඔරලෝසුව
URL is hidden from guests, please register and login to view the hyperlink


ලංකාවේ ලොකුම ඔරලෝසුව තියෙන්නෙත් වැවුරුකන්නල විහාරායේම තමයි. මේ ඔරලෝසුව විහාරයට ගෙනල්ල තියෙන්නේ බත්ගම හාමුදුරුවෝ ඒ, 1928 දී හාමුදුරුවෝ දවසක්‌ මග්ගොන මඩමෙ නතර වුණා. එදා රාත්‍රිය පුරා පැයෙන් පැයට ඝණ්‌ඨාර නාදයක්‌ ඇහුනලු. ඒ ගැන විපරම් කරද්දී තමයි දැනගෙන තියෙන්නේ මේ ඔරලෝසුව ගැන. මග්ගොන එලාරිස්‌ ද සිල්වා වඩු ආරච්චිල තමයි මේකෙ නිර්මාණකරුවා. ජර්මන් තාක්‍ෂණය ඇති වයින්කරන ඔරලෝසුවක්‌ දැකල ඒකට ලී වලින් අනුරුවක්‌ හදපු එලාරිස්‌ ද සිල්වා වඩුතැන, ඒ සඳහා ඉන්දියාවෙන් දැති රෝද වක්‌කරගෙන ඇවිත් තමයි මේක හදල තියෙන්නෙ. කාමරයක ඉඩක්‌ ඕන මේ ඔරලෝසුව වයින්කරල තිබ්බම. කිලෝගණක බරකින් තමයි වැඩකරන්නෙ. බලන්න රටක්‌ විටින මේ නිර්මාණය වැව්රුකන්නල විහාරයේ කෞතුකාගාරයේ තියෙනවා. වෙලාවත් තවම දුවනවා. බත්ගම හාමුදුරුවෝ එලාරිස්‌ වඩුතැනගෙන් මේක ගෙනැල්ල තියෙන්නෙ රුපියල් 3000 කට. ඒ 1928 දී.


කුමාරතුංග මුණිදාසයන්
URL is hidden from guests, please register and login to view the hyperlink


හෙළ බසට මහත් සේවාවක්‌ ඉටුකළ කුමාරතුංග මුණිදාසයන් අපට කිසි සේත් අමතක කළ නොහැකි චරිතයක්‌. එතුමන්ගේ උපන් ගමත් දික්‌වැල්ල. ඔහු මූලික අධ්‍යාපනය හැදැරුවෙත් අකුරු කෙරුවෙත් වැව්රුකන්නල බුදුරද විහාරයෙන් බව අපට කිව්වේ විහාරයේ විද්‍යාතුංග විද්‍යාතන පිරිවෙණේ පරිවේණාධිපති සහ එහි සිංහල සමිතියේ සභාපති කරතොට පඤaඤdශීල හාමුදුරුවෝ. කුමාරතුංග මුනිදාසගේ පියා දොන් අබියස්‌ කුමාරතුංග පන්සලේ ප්‍රධාන දායකයෙක්‌ වෙලා හිටියා. ඔහු මෙහි පැවති සුදස්‌සන පිරිවෙණේ ඉගෙන ගත්තෙ වෛද්‍ය විද්‍යාව. පස්‌සෙ ආරම්භ වුණු විද්‍යා චක්‍ර පිරිවෙණේදී තමයි පුත් කුමාරතුංගයන් සංස්‌කෘත හා පාලි ඉගෙන ගෙන තියෙන්නෙ. කොහොමහරි දිsක්‌වැල්ලේ සිරි විමලතිස්‌ස හිමියන්ද ඇතුළුව කුමාරතුංග මුණිදාසයන් හෙළ හවුල ආරම්භ කර සාහිත්‍යට හා භාෂාවට අපමණ සේවාවක්‌ සිදු කළා. අද ඔහුගේ නිවස දික්‌වැල්ලේ දක්‌නට නැති වුණත්, ඒ ඉඩම පිහිටි තැන පසුව ඉදිවුණු කුමාරතුංගයන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර තැනූ ස්‌මාරකය බලන්න අපි අමතක කළේ නෑ. ඒත්, එය කැලෑවට යටවෙලා. ඉඩම වල් බිහිවෙලා. ඇයි මෙතන පුරාවිද්‍යා බලධාරීන්ට, ජාතික උරුමයන් පිළිබඳ බලධාරීන්ට අමතක වෙලාද?


තංගල්ල කොටුව / ධීවර වරාය
URL is hidden from guests, please register and login to view the hyperlink


තංගල්ලට ආපු අපි එහි සුන්දර වෙරළ තීරයේත්, වෙරළ උද්‍යානයේත් සැරිසරා ඡායාරූප ගැනීමෙන් පස්‌සේ ගියේ පැරණි ලන්දේසි කොටුවට. ඒක දැන් තංගල්ල බන්ධනාගාරය බවට පත්වෙලා. ඒ හින්ද අපට එහි ඡායාරූපයක්‌ ගන්න බන්ධනාගාර නිලධාරීන් අවසර ලබා දුන්නේ නෑ. කොටුපවුරු බලාගෙන කොටුවේ තියෙන පොලිසිය, නාවික කඳවුර බලාගෙන ඊළඟට අපි ගියේ තංගල්ලේ තියෙනවා කිව්ව පැරණි ඉංග්‍රීසි කාලේ එල්ලුම් ගහ හොයා ගෙන. ඒත් එහෙම දෙයක්‌ තංගල්ලෙදී අපට හමුවුණේ නෑ.

තංගල්ල ධීවර වරාය

බේරුවල, වැලිගම, මිරිස්‌ස, දෙවිනුවර වගේම තංගල්ල ධිවර වරායත් අපට අමතක කරන්න බැරි තැනක්‌. වෙරළ උද්‍යානයට යාබදව පිහිටා තියෙන මේ ධීවර වරායටත් ගොඩවැදිල, එහි දිය කඩනය දිගේ ගිහිං වරායෙ අසිරියත් අපි නැරඹුවෙ. මුහුදේ අස්‌වැන්න ගොඩදාන්නට තංගල්ල ධීවරයන් ගන්නා දහදිය මහන්සිය ගැනත් වචනයක්‌ හෝ ලිවිය යුතුව ඇති නිසා.


රැකව අභය භූමිය
URL is hidden from guests, please register and login to view the hyperlink


තංගල්ල නගරය මැදින් ගලා බහින කිරම ඔය පසුකර ඊට පස්‌සෙ අපි දකුණු දෙසට ඇදුනෙ රැකව වෙරළ තීරයට යන අදිටනින් වැහි දිනයක්‌ වුණත්, රැකව වෙරළ තීරයට යන්න අපට එය වැඩි බාධාවක්‌ වුණේ නෑ.. ඇත්තටම රැකව ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් වෙරළ තීරයක්‌. රැකව කළ පුවත් රැකව වෙරළත් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නෙ කැස්‌බෑවුන්ගේ නිජබිමක්‌ විදිහට. ලංකා වේ කැස්‌බෑවන් ගේ පාරාදීසය විදිහට සලකන්නෙත් රැකවම තමයි. මේ නිසාම තමයි "ලංකාවේ ප්‍රථම කැස්‌බෑ අභය භූමිය" විදිහට 2006 දී රැකව නම් කළෙත්. මේ අභය භූමියේ විශාලත්වය අක්‌කර 677 ක්‌. මේ අභය භූමිය විවෘත කළ දවසෙත් අපි හිටියෙ රැකව වෙරළ තීරයේ බව අපට දැන් වගේ මතක්‌ වෙනවා.

තංගල්ලෙ ඉඳල රැකවට කිලෝමීටර් හතක්‌ විතර තියෙනවා. එහි දැන් රජය මගින් හා පෞද්ගලික අංශය මගිනුත් කැස්‌බෑවන්ගේ කැදලි සංරක්‍ෂණය සඳහා ව්‍යාපෘති ක්‍රියාවට නැඟෙනවා.

කැස්‌බෑවෝ

බිත්තර දැමීමට ශ්‍රී ලංකාවට එන කැස්‌බෑ විශේෂ පහ අතරින් රැකවදී හතර දෙනෙක්‌ම ප්‍රධාන වශයෙන් දැකගත හැකියි. ඒ කොළ කැස්‌බෑවා, බටු කැස්‌බෑවා, දාර කැස්‌බෑවා, ඔළුගෙඩි කැස්‌බෑවා යන විශේෂ. දාර කැස්‌බෑවා, මුහුදු කැස්‌බෑවන් අතර විශාලතම කැස්‌බෑවද වෙනවා. කැස්‌බෑවන් සාමාන්‍යයෙන් තමන් උපන් වෙරළටම බිත්තර දැමීමට පැමිණීම සිරිතක්‌. මේ පුරුද්ද අවුරුදු දහස්‌ ගණනක්‌ තිස්‌සේ පවතින්නක්‌ නිසාත්, රට රටවල් අතර සබඳතා පැවැත් වූ "තානාපති" සතුන් අතර සංචාරක කුරුල්ලෝ සහ කැස්‌බෑවන් සිටින නිසාත්, අපි හිතන්නෙ මිනිසා නම් වන අපිටත් වඩා, රැකව වෙරළේ අයිතිය තියෙන්නෙ මෙසේ එන කැස්‌බෑවන්ට. ඒ හින්ද හෙට දවසෙදිත් රැකව ආරක්‍ෂාවිය යුතු බිම් තීරයක්‌. අද රැකවදී කඳවුරු බඳින අප එයත් ඔබට සිහිපත් කරමින් මේ සුන්දර වෙරළට පෙම් බඳින්නේ ලබන ඉරිදා තවත් මෙවැනිම වටිනා තැනක ඉඳ ඔබ හමුවෙන බලාපොරොත්තුවෙනි.


GPS ඛණ්‌ඩාංක

දෙවුන්දර තුඩුව

N - 50 55" 12.8""

E - 800 35" 35.0""

හුම්මානය

N - 50 58" 52.6""

E - 800 44" 09.4""

රැකව

N - 60 03" 07.1""

E - 800 51" 58.9""


ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තුතිය - දේ. සු. ද සොයිසා


Source : Divaina 2011/02/13


Mon Feb 21, 2011 1:04 am
Profile
Welcome
Welcome
User avatar

Joined: Sun Jan 02, 2011 8:33 pm
Posts: 1696
Post Re: අපේ රට වටා
වළවේ ගං මෝදර
ගොඩවාය


Image is hidden from guests, please register and login to view the Image


කහඳමෝදර

Image is hidden from guests, please register and login to view the Image

රැකවෙන් පස්‌සෙ, ඔරුවැල්ල මුහුදු තීරය පහුකරගෙන මීළඟට අපි ගියේ කහඳමෝදරට. තංගල්ලෙන් ඇරඹෙන මුහුදු තීරය හම්බන්තොට දක්‌වා අතිරමණීයයි. ඒ වගේම පාරිසරික අතින් වැදගත්. කැස්‌බෑවන් ගේ කැදලි බිම් ලෙසත් ප්‍රකටයි. කහඳමෝදරත් ඒ වගේ තැනක්‌. ධීවර කර්මාන්තයටත් හරිම ප්‍රසිද්ධයි. රැකවත්, උස්‌සන්ගොඩ ප්‍රදේශයත් වෙන් වෙන්නෙ මේ කහඳමෝදරින්. මෙතැනින් මුහුදට වැටෙන්නෙ ඌරුබොකු ඔය. මාතර ඌරුබොක්‌ක ප්‍රදේශයෙන් පටන් ගන්නා මේ ඔය අලංකාර මෝය කටකින් මුහුද සිපගන්නවා.


උස්‌සන්ගොඩ ජාතික උද්‍යානය


Image is hidden from guests, please register and login to view the Image


උස්‌සන්ගොඩ ඔබට මතකද? රතුපස්‌ගොඩැල්ල කියල ගැමියන් හඳුන්වන්නෙත් මේ ප්‍රදේශයම තමයි. මේ ප්‍රදේශයේ එතරම් ලොකු වනගහනයක්‌ නැහැ. කටුපඳුරු, පතොක්‌ කැලෑ වගේ ශාක ප්‍රජා තමයි තියෙන්නෙ. කෙටි තෘණ සහිත විශාල තණ පිටි කිහිපයකුත් මෙහි තියෙනවා. ඒ අතර තද රත් පැහැයෙන් කාෂ්ඨක පොළොව මතුවී පෙනෙනවා. රතු පසක්‌ මෙන්ම කළු පැහැයෙන් ජීර්ණයට ලක්‌වූ පාෂාණත් කුට්‌ටි වශයෙන් එහි දක්‌නට ලැබෙනවා. බොහෝ දෙනෙක්‌ කියන්නේ අතීතයේදි මේ ප්‍රදේශයට උල්කාපාතයක්‌ කඩා වැටීම නිසාලු මේ විශේෂ පාෂාණ පිහිටීම දකින්නට ඇත්තේ. රාම-රාවණා යුද්ධයේදී හනුමන්තා ගිනි තැබූ භූමියක්‌ විදියටත් මෙය සලකනවා. කොහොම වුණත් භූ විද්‍යාඥයන් කියන්නෙ මෙය ප්‍රාග් ඓතිහාසික පාෂාණ ශ්‍රේණියකට අයත් කියලයි. ඉරණමඩු වැනි පාෂාණ ශ්‍රේණියකට අයත් මෙහි වටිනා පුරාවිද්‍යාත්මක වැදගත්කමක්‌ ඇති බව ප්‍රාග් ඉතිහාසඥයන්ගේ මතයයි. කොහොම වුණත් උස්‌සන්ගොඩ එක්‌ කොටසක්‌ අභය භූමියක්‌. එහි තවත් ප්‍රදේශයක්‌ ජාතික වනෝද්‍යානයක්‌. මේ තමයි ශ්‍රී ලංකාවේ අන්තිමවරට ප්‍රකාශයට පත් කළ නැතිනම් අලුත්ම ජාතික උද්‍යානය. 2010 මැයි මාසේ ප්‍රකාශයට පත් කළ මෙහි ප්‍රමාණය හෙක්‌ටයාර් 349 ක්‌.

මෙහි මුහුදු තීරයත් හරිම අලංකාරයි. උස්‌සන්ගොඩ "තැනිතලාව" කෙළවර වෙන්නෙ මුහුදට බෑවුමක්‌ සහිත සානුවකින් වගේ. ජීවිතයේ එක්‌ වරක්‌වත් මේ සුන්දර වෙරළ තීරයටත්, උස්‌සන්ගොඩ පිටියටත් යා යුතුමයි.


ලුනම - කළමැටිය


Image is hidden from guests, please register and login to view the Image


උස්‌සන්ගොඩ වගේම ලුනම - කළමැටියත් කාලෙක පටන් අභය භූමියක්‌. ලුනම කළපුවත්, කළමැටිය කළපුවත් එකතුකරල ඒ ආශ්‍රිත ප්‍රදේශය තමයි මේ නමින් අභයභූමියක්‌ කරල තියෙන්නෙ. 1984 දී ප්‍රකාශිත මෙහි ප්‍රමාණය හෙක්‌ටයාර් 2525 ක්‌. ඉතාම අලංකාර භූමි ප්‍රදේශයක්‌ වන මෙය අපේ රටේ ප්‍රධාන තෙත් බිම් සංකීර්ණයක්‌ද වෙනවා. මේ මුහුදු තීරයටත් කැස්‌බෑවන් බිත්තර දමන්නට එනවා. උස්‌සන්ගොඩ මායිමේ ලුනම පිහිටන අතර කළමැටිය තියෙන්නෙ ඊළඟට.


නෝනාගම

Image is hidden from guests, please register and login to view the Image


දැන් අපි ඉන්නෙ ගජමන් නෝනාට ජෝන් ඩොයිලි දිසාපතිවරයාගෙන් ලැබුණු නින්දගමේ. මේ තමයි නෝනාගම. ගජමන් නෝනා ගැන තොරතුරු අපි මීට පෙර කිව්වා. එයාගෙ දෙවැනි සැමියා මියගියාට පස්‌සෙ ළමයින් ජීවත් කරවන්න නොවිඳිනා දුකක්‌ වින්ද කියල ගජමන් නෝනම තමයි කියල තියෙන්නෙ. ඒත් ඉතින් කවියෙන්ම තමයි. මේ කවිකාරියගේ කවිය කියෙව්ව ජෝන් ඩොයිලි ගජමන් නෝනාගේ අනාගතය ගැන බැලුවෙ මේ නෝනාගමත් එයාට තෑගි කරල.

සඳමෙන් කවා ඇති කළ ළම පැටවුන්ඩ
අද දින පමණ නැන බත උන් රැක ගන්ඩ
සොඳ ගුණ ජෝන් ඩොයිලි දිසා මැතිඳුන්ඩ
වැඳගෙන දුක කියමි පිහිටක්‌ ලැබගන්ඩ

නෝනාගම හන්දියේ ගජමන් නෝනාගේ පිළිරුවක්‌ තනා තියෙවා. මේ හන්දියෙන් ඇඹිලිපිටිය දෙසට ගියහම දකුණේ තවත් වැදගත් පුරාවිද්‍යාත්මක ස්‌ථාන රැසක්‌ හමුවෙනවා. ඒ අතරින් රම්බා විහාරය වැදගත් ස්‌ථානයක්‌. අනුරාධපුර යුගයේදී ඇතිවුණු පණ්‌ඩුකාභය මුටසීව දේවානම්පියතිස්‌ස යන සිරිලක ආරම්භක රජ පරපුරේ මීළඟ සිහසුන උරුමක්‌කරුවා වූ මහානාගට ඇතිවූ ඝාතන කුමන්ත්‍ර්‍රණයක්‌ නිසා දකුණට පලා ආ මහානාග දිවි ගෙවා ඇත්තේ මේ රම්බා විහාරයේ ඔහුගේ පුත් යඨාලතිස්‌ස, ගෝඨාභය කාවන්තිස්‌ස දුටුගැමුණු යන අය ගැන අපට දකුණේදී නොහොත් මාගම්පුරයේදී කතාකරන්නට සිදුවෙනවා. ඒ තොරතුරු තවත් පසුවට බලමු.


කිරළ කැලේ


Image is hidden from guests, please register and login to view the Image


නෝනාගම හන්දියෙන් මීටර් දෙතුන් සීයක්‌ දකුණට යන විට අපට පාර අයිනේම අලංකාර කඩොලාන පරිසර පද්ධතිsයක්‌ මුණගැහෙනවා. මේ තමයි කිරළ කැලේ. පාර දෙපැත්තේම කිරළ කැලේ දකින්නට ලැබුණත් මේ අපූරු පරිසරය සුරකින කිරළ කැලේ ජෛව විවිධත්ව සංරක්‍ෂණ මධ්‍යස්‌ථානය ස්‌ථාපිත වෙලා තියෙන්නෙ වෙරළබඩ ප්‍රදේශයට මායිම් වෙලා. සුළු ධීවර සම්මේලනය මගින් පාලනය කෙරෙන මේ කිරළ කැලේ සංරක්‍ෂණය හා අධ්‍යයන මධ්‍යස්‌ථානයක්‌. මේ මගින් කඩොලාන පරිසරය ගැන දේශන පවත්වනවා. කුඩා කෞතුකාගාරයක්‌, දේශන ශාලාවක්‌ වගේම ක්‍ෂේත්‍ර චාරිකා සඳහා මගපෙන්වීමත් මෙහිදී සිදුකරනවා.

පලතුරු බීමක්‌ ලෙස මෙහිදී කිරළබීම බෝතලයක රස බලන්නත් ඕනෑම කෙනකුට පුළුවන්. අපිත් මේ කිරළ කැලේ සුන්දරත්වය හා අද්විතීයත්වය වින්දෙ දිවුල් වගේ රසැති කිරළබීම බෝතලයක්‌ තොලගාමින්.


වාඳුරුප්ප

Image is hidden from guests, please register and login to view the Image


වාඳුරුප්ප පාරිසරික වශයෙන් හරිම වැදගත් ස්‌ථානයක්‌. සමනළ අඩවියේ වනගහනය අතරින් ඇරඹෙන වලවේ ගංගාව උඩවලව ජලාශය නිර්මාණය කරමින් අම්බලන්තොටින් මුහුද සිපගන්නා බව අපි කවුරුත් දන්නවා. ඒත් මුහුද ආසන්නයේදී වලවේ නදිය ලොකු වංගුවක්‌ මගින් හැරී වෙරළට සමාන්තරව කිලෝමීටරයක්‌ දෙකක්‌ ගමන් කර ගොඩවායෙන් තමයි අතීතයේදී මුහුද සිපගත්තේ. ඒත් වතුර වැඩිවන කාලයේදී වාඳුරුප්ප කියන මේ වංගුව සහිත පරිසරය, නැතිනම් වැඩි ජලය පැතිරෙන කලාපය ගංවතුරෙන් පිරී ඉතිරී ගියා. ඒ නිසා තමයි වාඳුරුප්ප වටිනා තෙත්බිමක්‌ ලෙස ප්‍රකට වුණේ. ඒත් ක්‍රමයෙන් වාඳුරුප්ප ජනාවාස වුණා. මන්ද වලවේ ගං මෝදර වෙළෙඳ වරායක්‌ ලෙසද ප්‍රකටව තිබූ නිසා. ගංවතුරට මේ ජනාවාසය යටවුණු නිසා හැමදාමත් වැසි වතුර බහින්න වාඳුරුප්ප වැලි වැටිය කැපුවා. එහෙමයි එතැන කෘත්‍රිම මෝය කට බවට පත්වුණේ. කලින් කලට මෙතැන මෝය කට බැඳෙනවා. එතකොට ස්‌වභාවික මෝයකටෙන් වතුර ගලා බහිනවා.


වලවේ නදිය / අම්බලන්තොට

සමනළ අඩවියේ ඉහළ මාලිබොඩ ප්‍රදේශයේදී කුඩා දිය දහරක්‌ ව උපදින වලවේ නදිය සබරගමුව, ඌව, දකුණු පළාත්වලින් ගලාගොස්‌ අම්බලන්තොටින් මහ සයුර සිපගන්නේ ශ්‍රී ලංකාවේ දිගින් හත්වැනි ස්‌ථානය ගන්නා ගංගාව ලෙසිනි. මෙහි දිග කිලෝ මීටර් 138 කි.

මේ ගලා බසින ගමනේදී වලවේ නදිය උඩවලව ජලාශය ද නිර්මාණය කරයි. උඩවලව වනෝද්‍යානයට පෝෂණය සපයමින් වේල්ලක්‌ මගින් අවහිරයට ලක්‌වන වලවේ නදිය වලව වම් ඉවුර හා වලව දකුණු ඉවුර ලෙස ගොවි ජනපද රැසකට දියවර සපයා මෙසේ වාඳුරුප්පෙන් හා ගොඩවායෙන් සයුර සිපගනී.

අම්බලන්තොට

අතීතයේදී වලවේ ගඟෙන් එගොඩවෙන්න පාළමක්‌ තිබුනේ නෑ. ඉංග්‍රීසි පාළන සමයේදී තමයි මෙතන යකඩ පාළමක්‌ හැදුණේ. ඊට කලින් කිරි වෙහෙර කතරගම දේවාලය වඳින්න ගිය උදවිය, හම්බන්තොටට ගිය වෙළෙන්දෝ ඔරු පාරුවලින් ගඟෙන් එගොඩ වුණෙත් වාඳුරුප්පෙන්. ඒ, මේ ගිරිහඩු විහාරයට පඬුරු, මල් පහන් පුදල මෙතන කඩමණ්‌ඩියක්‌ වගේ තිබුණ හින්ද තොටුපළ ළඟ අම්බලන් එහෙමත් තිබිල තියෙනව. ඒ නිසයි අම්බලන්තොට වුණේ. වාඳුරුප්පෙන් එගොඩ වුණු තැන තිබූ "සංදේශ පාර" අදත් ඒ නමින් භාවිත වෙනවා.


ගිරිහඩු රජමහ විහාරය

Image is hidden from guests, please register and login to view the Image


වලවේ ගංගාවෙන් එගොඩ වෙන්නට කලින් ගංගා ඉවුරේම තමයි ගිරිහඩු රජමහ විහාරය පිහිටල තියෙන්නෙ. මේ විහාරය බුදුන් ජීවමාන යුගයේදී ම පටන් ගත් විහාරයක්‌ බවටයි විශ්වාස කරන්නේ. බුදුරජාණන්වහන්සේට විළඳ සහ මී පැණි පිදූ තපස්‌සු- භල්ලුක වෙළඳ දෙබෑයන් ගැන අපි අහල තියෙනවා. ඒ පූජාවෙන් පස්‌සෙ වඳින්නට පුදන්නට දෙයක්‌ ඉල්ලා සිටි අවස්‌ථාවේදී බුදුන් වහන්සේ හිස පිsරිමැද කේෂ ධාතු මිටක්‌ දුන් කතාව අපි අහල තියෙනවා. ඉන් පස්‌සෙ ඒ තපස්‌සු-භල්ලුක දෙදෙනා කේෂ ධාතූන් ගෙනවිත් ගොඩපවත වරායෙන් රට තුළට ඇතුල්වෙලා කුඩා දාගැබක්‌ තනා කේෂ ධාතුන් තැන්පත් කළ බවට විශ්වාස කරන්නෙ මේ ස්‌ථානයේලු. විහාරාධිපති කුඹුක්‌වැවේ චන්ද්‍රසෝම හිමියන් අපට හමුනොවුණත්, අන්දර වැවේ ජිනරතන පොඩි හාමුදුරුවන්ගේ උදව්වෙන් විහාරයට කැඳවාගත් දායක සභාවේ නිලධාරීන් මේ කතාව අපට කීවේ ඉතිහාසඥයින්ගේ තොරතුරු ගවේෂණ උදව්වට අරගෙන. තපස්‌සු-භල්ලුක දෙපළ බැන්ද කුඩා දාගැබ පසුව කාවන්තිස්‌ස රජතුමා ලොකු දාගැබක්‌ ලෙස තනවා මෙතැන විහාරයක්‌ දක්‌වා වැඩිදියුණු කළාලු. ඉතිහාස තොරතුරු අනුව ගිරිහඩු සෑය වලවේ ගං නිම්නයේ පිහිටා ඇති බවත් කියනවා. ඒත් අපි අමතක කරන්න නරකයි ත්‍රිකුණාමලයේ තිරියාය ප්‍රදේශයේත් මේ කතාවට සම්බන්ධ ගිරිහඩු සෑයක්‌ තියෙනවා. අපි එතනදීත් මේ වගේම කතාවක්‌ ඔබට කියනවා. මේ ස්‌ථානයේ කර ඇති කැනීම් වලදී ශෛලමය විශාල හිටි පිළිමවහන්සේ නමක්‌,

බෝසත් ප්‍රතිමාවක්‌ වගේම විශේෂ ගල්කැටයම් ලෑල්ලක්‌ (සිදුහත් කුමරු හිසකේ ඡේදනය කරන රූපයක්‌ ඇති) හමුවෙලා තියෙනවා.

අද අපි ඉන්නේ ගොඩවායේ. මේ තමයි අතීතයේ ගොඩපවත වරාය පිහිටි තැන. මාන්තොට, ගෝකණ්‌ණ වගේම ගොඩපවතත් වෙළෙඳ ක්‍ෂේත්‍රයේ අමතක කළ නොහැකි නැව් තොටක්‌. ඒ විතරක්‌ නෙමේ, ගොඩවායෙන් මහ සමුදුර සිපගන්නා වලවේ ගං නදිය දිගේ වෙළෙඳ යාත්‍රා, ඔරු පාරු රට තුළටත් ඇවිත් තියෙනවා කියලයි කියන්නෙ. කොහොම වුණත් මෙතැන හරිම අපූරු තැනක්‌. කාලෙකදි වලවේ ගඟ මෙතනින් මුහුදට වැටෙනවා. තවත් කාලෙකදි මෙතන ඉඳන් කිලෝමීටර් 2-3 ක්‌ දුරින් වාඳුරුප්පෙන් මුහුදට වැටෙනවා. ඒ කෘත්‍රිම මෝය කටක්‌ මගින්. මේ දැනුත් වලවේ මෝය කට විදියට සැලකෙන්නෙ වාඳුරුප්ප. ඒත් අපූරු ඩෙල්ටාවක්‌ නිර්මාණය කරමින් ගොඩවාය ප්‍රදේශය පාරිසරික නිකේතනයක්‌ ලෙස පවතින්නෙ, ලංකාවේ අංක එකේ අභය භූමියක්‌ බවට ගොඩවාය පත්කරමින්.


ථෙරපුත්ථාභය යෝධයාගේ පන්සල.

Image is hidden from guests, please register and login to view the Image


ගඟෙන් එගොඩ වෙලා වාඳුරුප්පට ගියහම ථෙරපුත්ථාභය රාජමහා විහාරය හම්බවෙනවා. මේ විහාරයේ තමයි ථෙරපුත්ථාභය හාමුදුරුවෝ වැඩ වාසය කරල තියෙන්නෙ. දුටුගැමුණු රජතුමා චෝලයන් සමඟ සටනට සැරසෙන විට වාඳුරුප්පටත් ඇවිත් තියෙනවා. ඒ එක දවසක දස මහ යෝධයන්ට අයත් කිහිප දෙනෙක්‌ පන්සලේ පොල්, කුරුම්බා අවසරයක්‌ නැතිව හොරෙන් කඩාගෙන කෑවාලු. ථෙරපුත්ථාභය හාමුදුරුවෝ මේක දැකල යෝධයන්ට නොසෑහෙන්න තලා පන්සල් වැටෙන් එළියට විසිකරල දැම්මලු.

මේ ශක්‌තිවන්ත බව ගැන ආරංචිවෙලා දුටුගැමුණු රජතුමා ථෙරපුත්ථාභය හාමුදුරුවන්ට රට දැය රකින්න ආරාධනා කළාලු. යුද්ධය ජය ගැනීමෙන් පස්‌සෙ ථෙරපුත්තභය ආයිමත් මේ විහාරයේදීම මහණ බව ලැබූ බව අපට කිව්වේ විහාරවාසී වැලිගම සරණජෝති හිමියන්.

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තුතිය - දේ. සු. ද සොයිසා


Source : Divaina 2011/02/20


Mon Feb 21, 2011 1:06 am
Profile
Very Special Member
Very Special Member
User avatar

Joined: Mon Nov 08, 2010 9:54 am
Posts: 3387
Location: SRILANKA
Post Re: අපේ රට වටා
ඔබට බෙහෙවින්ම ස්තූතියි මල්ලී. මේක නම් ඉතාමත් වටිනා ලිපි පෙලක්.


Mon Feb 21, 2011 2:56 am
Profile
Staff Member
Staff Member
User avatar

Joined: Mon Nov 08, 2010 2:07 pm
Posts: 9176
Location: Colombo
Post Re: අපේ රට වටා
godak sthuthi..dakune adyapana charikawak yana ayata hondai


Mon Feb 21, 2011 3:32 am
Profile
Very Special Member
Very Special Member
User avatar

Joined: Fri Nov 12, 2010 11:20 am
Posts: 10989
Post Re: අපේ රට වටා
vatina lipi pelak. godak sthuti ayya. save karagena passe balanna ona

_________________
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා


Mon Feb 21, 2011 4:53 am
Profile
Welcome
Welcome
User avatar

Joined: Sun Jan 02, 2011 8:33 pm
Posts: 1696
Post Re: අපේ රට වටා
සිහ නද පැතිරූ
කිරින්ද (මාගම)

Image is hidden from guests, please register and login to view the Image


අද අපි කඳවුරු බඳින්නෙ රුහුණු රටේ අභිමානවත් පුරවරයෙ, කිරින්ද නොහොත් මාගම. ඉපැරැණි මාගම්පුර රාජධානිsය පිහිටා තිබුණා යෑයි කියන්නෙ මෙහි. දස භාතිsක රජ පෙළපත මගින් පවත්වාගෙන ආ මාගම්පුර රාජධානිය රුහුණු රාජාධානිය බවට මහත් අභිමානවත්ව ගොඩනැගුවා යෑයි කියන්නෙ දේවානම් පියතිස්‌ස රජුගේ සොහොයුරා වූ මහානාග රජතුමා. රාජ්‍යත්වය සඳහා ඇතිවුණු ගැටුමක්‌ මුල්කරගෙන ක්‍රි.පූ. 246 දී මහානාග දකුණට පළා එනවා. ඒ ඇවිත් තමයි මාගම රජවුණා යෑයි කියන්නෙ. ඒ විතරක්‌ නෙමේ පිය පුතු රාජ්‍යත්වය පිළිබිඹු කරමින් පිළිවෙළින් යඨාලතිsස්‌ස, ගෝඨාභය, කාවන්තිsස්‌ස සහ දුටුගැමුණු රුහුණේ නොහොත් මාගම රජවෙනවා. ගැමුණු කුමාරයා රට එක්‌සේසත් කිරීමේ සටන පටන් ගත්තෙත් මෙතනින්ම තමයි. ඒ විතරක්‌ නෙමේ. කැලණිතිස්‌ස රජ දවස රට මුහුදු බත්වීමෙන් ගලවගන්න කැලණියෙන් දියඹට පාකර යෑවූ වීර කාන්තාව විහාර මහා දේවිය ගොඩ බසින්නෙත් මේ මාගම නොහොත් කිරින්දෙන්ම තමයි. ඉතින්, කැලණි ගං තොටින් රට වටා යන්න පටන් ගත්ත අපිටත් කිරින්ද වැදගත් නවාතැන් පලක්‌ බවට පත්වීම සතුටක්‌.


ගොඩවාය/ගෝඨ පබ්බතවෙහෙර

Image is hidden from guests, please register and login to view the Image


පසුගිය සතියෙ අපගේ නවාතැන වුණේ පුරාණ ගොඩපවත වරාය පිහිටි තැන. නොහොත් ගොඩවාය. එහි පැවැති පැරැණි විහාරස්‌ථානය තමයි ගෝඨපබ්බත විහාරය. මෙම විහාරය යඨාල තිස්‌ස රජුගේ පුත් ගෝඨාභය (මහානාග රජුගේ මුණුපුරා) කරවූ බවටයි විශ්වාස කරන්නේ. වසර දෙදහසකට වඩා පැරණි මේ වරායේ සියලු බදු ආදායම් දීල තියෙන්නෙ ඒ ආශ්‍රිත කඳුගැටය මත තියෙන ගෝඨපබ්බත විහාරයට. ඒ ගැන ලියෑවුණු සෙල්ලිපිය තවමත් විහාරයේ තියෙනවා. ඊට පසුව පළමුවන ගජබා රජතුමා 12000 ක සේනාවක්‌ සමඟ ගොඩපවත වරායට ආ බවත්, මේ වරායේ බද්ද විහාරයට ලබාදෙන්න ඔහු කටයුතු කළ බවත්, කියෑවෙන සෙල්ලිපිය ඔහු පිහිටුවා තිබෙනවා. ඒ ක්‍රි. ව. 112 -134 දී.

මේ ස්‌ථානයේ කැණීම් සිදු කළ පුරාවිද්‍යාඥයෝ වසර 7000 ක්‌ විතර පැරණි මානව ඇටසැකිල්ලක්‌ සොයාගෙන තිබෙනවා. ඒ වගේම වසර දෙදහසකට වඩා පැරණි රුවල් යාත්‍රාවක්‌ ගිලී තිබී හඳුනා ගෙන තියෙනවා. ගල් නැංගුරමකුත් සොයාගත් බවයි කියන්නෙ.


හම්බන්තොට වරාය

Image is hidden from guests, please register and login to view the Image


හම්බන්තොට යන නම නිර්මාණය වී ඇත්තේ සම්-පන් -තොට යන අරුතෙන් බවයි විශ්වාස කරන්නෙ.

අතීතයේදී මෙහි පැවැති නැව්තොටට සම්වලින් සැදී සම්පන් නොහොත් හම්බන්නම් විශේෂ රුවල් යාත්‍රා වර්ගයක්‌ පැමිණි බව විශ්වාස කරනවා. මේ සම්පන් නමැති යාත්‍රාවලින් පැමිණි වෙළෙඳුන්ගෙන් මෙහි කුඩා ජනපදයක්‌ නිර්මාණය වුණාලු. සම්පන්තොට හෙවත් හම්බන්තොට නිර්මාණය වුණේ එහෙම කියලයි කියන්නේ.

වරාය
අද හම්බන්තොට වරාය මීට වසර 2 කට පමණ පෙර ප්‍රකට කරගම් ලේවායයි. ස්‌වභාවික ලේවායක්‌ වූ මෙය කලක්‌ අභය භූමියක්‌ ලෙසද ප්‍රකාශයට පත්වුණා. කෙසේ හෝ වත්මන් රජයේ සංවර්ධන ක්‍රියාදාමයක්‌ ලෙස මෙහි දැන් ජාත්‍යන්තර වරායක්‌ ඉදිව තිබෙනවා. මාතර - තංගල්ල ප්‍රධාන මුහුදුබඩ මාර්ගය කපා සැදූ මුහුදු විවරයක්‌ තුළිනුයි දැන් හම්බන්තොට වරායට නාවික යාත්‍රා පැමිණෙන්නේ. එක්‌ අතකින් මෙය ශ්‍රී ලංකාවේ භූ - සිතියම වෙනස්‌කළ ක්‍රියාදාමයක්‌ ලෙසයි සැලකෙන්නේ.


ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගනය
හම්බන්තොට - සූරියවැව ඉදිවූ ක්‍රිකට්‌ ක්‍රීඩාංගනය ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාවට විවෘත කරනු ලැබුවේ දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරග වෙනුවෙන්. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් ඉදිවූ මෙහි ප්‍රථම ක්‍රිකට්‌ තරගය පසුගිය 20 වැනිදා පැවැති අතර කැනඩාව හා ශ්‍රී ලංකාව අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක්‌ අත්වුණා.


ධීවර වරාය / කොටුව
හම්බන්තොට ධීවර වරායත් පැරැණි ලන්දේසි කොටුවත් යාබදවයි පිහිටා තිබෙන්නේ. මෙම ධීවර වරාය සුනාමියෙන් දරුණු විනාශයකට ලක්‌වුණා. නමුත් දැන් එය නැවතත් අප රටේ ප්‍රධාන ධීවර වරායක්‌ බවට පත්වෙලා. මෙම වරාය පිහිටල තියෙන්නෙත් හම්බන්තොට නගරය තුළමයි.

කොටුව / කුළුණු කන්ද
ධීවර වරාය, බස්‌ නැවතුම්පළ අසලට පැරැණි ලන්දේසි කොටුව නොහොත් කුළුණු කන්ද හොඳින් දිස්‌වෙනවා. නමුත් කොටුවේ විස්‌තර දැනගන්න එහි යා යුතුමයි. පැරැණි කොටුබැම්ම දැන් එතරම් පැහැදිලිව දකින්න නැහැ. නමුත් මෙහි භූ පිහිටීම හේතුවෙන් අතීතයේ සිට හොඳ ආරක්‍ෂාවක්‌ මෙම ස්‌ථානයට තියෙන්නට ඇත්තෙ මෙය මුහුදට නෙරාගිය තුඩුවක්‌ ලෙස පිහිටා තිබෙන නිසා වෙන්න ඇති.

අද හම්බන්තොට මහලේකම් කාර්යාලය ඇතුලු රජයේ කාර්යාල රැසක්‌ පිහිටා තියෙන්නෙ මේ පරිශ්‍රය තුළයි. අතීතයේදී, එනම්, සුදු පාලන සමයේදී හම්බන්තොට පාලනය කළ දිසාපතිවරුන් වූ ජෝන් ඩොයිලි වගේම ලෙනාඩ් වුල්ෆ් ගැනත් අපි හොඳින් අහල තියෙනවා. "බැද්දේගම" නවකතාව ලියාපු වුල්ෆ් වගේම ඩොයිලිත් තම පාලනය ගෙන ගියේ මේ කොටුව තුළ ඉඳන්. බැද්දේගම නවකතාවෙන් වුල්ෆ් වැන්නවුන් නඩු අහපු හැටි අපිට චිත්‍රයක්‌ මවල පෙන්වනවා. ඒ වගේම සමාජ විරෝධීන් ලෙස හංවඩුගහපු අයත්, මරණීය දණ්‌ඩනයට නියම කළේ මේ කොටුව ඇතුලෙ තිබූ වධකාගාර තුළදී. එවන් එක්‌ සාධකයක්‌ තවමත් හම්බන්තොට කොටුවෙ ඉතිරි වෙලා තියෙනවා. එA එල්ලුම් ගහ.


ප්‍රදීපාගාරය / මාටෙලෝ කුළුණ
උසින් අඩිs 88 ක්‌ වන හම්බන්තොට ප්‍රදීපාගාරය ගොඩනගා ඇත්තේ 1878 දී. මෙයත් පිහිටල තියෙන්නෙ ලන්දේසි කොටුව ඇතුලෙ. දිවයින වටා ඇති ප්‍රදීපාගාර අතරින් මේ ප්‍රදීපාගාරයේ විශේෂත්වයකුත් තියෙනවා. ඒ අලංකාර රටාවකට මෙය නිර්මාණය කරල තියෙන හින්ද. වර්ණ කිහිපයකින් මෙය පින්තාරු කරල තියෙනවා.

මාටෙලෝ කුළුණ
මේ ප්‍රදීපාගාරය අසල තවත් වැදගත් ගොඩනැඟිල්ලක්‌ පිහිටල තියෙනවා. ඒ තමයි මාටෙලෝ කුළුණ. ප්‍රංශයේ උතුරු කෝෂිකාවේ ඇති මාටෙලෝ ස්‌ථම්භය පරිදිම ක්‍රි.ව. 1796 දී කැප්ටන් ගෝපර් නමැත්තා විසින් ඉදිකර ඇති මෙම දෙමහල් කුළුණ නාවික භටයන්ගේ මුරපළක්‌ ලෙසත් මුදුන් මහළ කාලතුවක්‌කු අට්‌ටාලයක්‌ ලෙසත් භාවිත කර තිබෙනවා. ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ අල්ල ගත්තාට පස්‌සෙ අත්අඩංගුවට ගන්ත අවසන් ලන්දේසි සෙබළුන් සිරකරුවන් විදිහට රඳවාගෙන හිටිය කියන්නෙත් මේ කොටුව තුළලු. තට්‌ටු ගොඩනැඟිල්ලක්‌ වන මෙය, රවුම් හැඩයට නිර්මාණය කරල තියෙනවා. ඒත් අද හරිහැටි සංරක්‍ෂණයක්‌ සිදුනොවන හින්ද, එහි තට්‌ටුවලට නගින්න බැහැ. ගොඩනැඟිල්ල ශක්‌තිමත්ව තිබුණත් ලී තට්‌ටු සියල්ලම පාහේ දිරාපත් වෙලා කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ.

Image is hidden from guests, please register and login to view the Image


ඡායාරූපය-රෝහිත ගුණවර්ධන


එල්ලුම්ගහ

Image is hidden from guests, please register and login to view the Image


ඉංග්‍රීසි පාලන සමයේදී මරණීය දණ්‌ඩනයට ලක්‌කළ පුද්ගලයන් එල්ලා මරා දමනු ලැබූ "එල්ලුම් ගහ" තවමත් මේ කොටුව ඇතුලෙ තියෙනවා. දකුණු මුහුද අයිනෙ පාලු, හුදකලා ස්‌ථානයක සවිකරල තියෙන මේ එල්ලුම් ගහේ කොටසක්‌ කැඩිල ගිහිල්ල වුණත්, පාදමත් ඊට සවිකළ ඕක්‌ අරටු කඳේ අඩි 30-35 ක කොටසකුත් තවම සංරක්‍ෂණය කරලා තියෙනවා. මේ එල්ලුම් ගහේදී එල්ලා මරා දමපු පුද්ගලයන්ට දඬුවම් දෙන අයුරු ලෙනාඩ් වුල්ෆ් තමන්ගේ නිල නිවසේ සිට එදා බලාගෙන හිටියලු.

මහලේවාය

Image is hidden from guests, please register and login to view the Image


හම්බන්තොට නගරය පහුකරල මීළඟට අපි ගියේ ලුණු ලේවායට. නැතිනම් මහලේවායට. දකුණේ තියෙන ලුණු ලේවායන් අතර රජයේ සම්බන්ධයක්‌ සහිතව පාලනය කරන ලංකා ලුණු සංස්‌ථාවේ ලේවායන් තුනක්‌ තියෙනවා. ඒ මහලේවාය, බුන්දල හා පළටුපාන ලේවායන්.

අතීතයේදී ස්‌වභාවිකව ලුණු මිදෙන කළපුවක්‌ ලෙස තිබුණු මහ ලේවාය 1938 දී දෙපාර්තමේන්තුවක්‌ බවට පත්කළා. එතෙක්‌ මෙහි පාලනය තිබ්බෙ හම්බන්තොට උප දිසාපතිවරයාට. ලෙනාඩ් වුල්ෆ් දිසාපතිවරයාත් කලක්‌ මේ ලේවාය තමන් යටතේ පාලනය කළා. කොහොම වුණත් උඩරට ගිවිසුම මගින් ලංකාවේ බලය බ්‍රිතාන්‍යයන් අතට ගත්තට මේ ලුණු ලේවායන්ගේ බලය හා පාලනයත් වැදගත් හේතු සාධකයක්‌ වූ බවයි කියන්නෙ. ඒ ලුණු තීරණාත්මක සාධකයක්‌ නිසා. නැතිනම් ලුණු නැතිsව කෑම කන්න බැරි නිසා.

කොහොම වුණත්, රටේ මුළු ලුණු අවශ්‍යතාව මෙටි්‍රක්‌ ටොන් එක්‌ලක්‍ෂ තිස්‌දහසක්‌. ඉන් ටොන් හැටදාහක්‌ හදන්නෙ මේ අපි ඉන්න මහලේවායේ. බූන්දලින් ටොන් 15,000 ක්‌, පලටු පානෙන් ටොන් 5000 ක්‌ ලෙස දකුණෙන් ටොන් 80,000 ක්‌ ලුණු නිපදවනවා. ඒ කියන්නෙ ජාතික නිෂ්පාදනයෙන් 60-65% ක්‌ විතර.


කවට අන්දරේ

Image is hidden from guests, please register and login to view the Image


මහ ලේවාය පහුකරල තිස්‌සමහාරාමය පාරේ තවත් දකුණු දෙසට යනවිට අපිට හමුවන්නෙ උඩමලල ප්‍රදේශය. ඒ එක්‌ හන්දියක "කවට අන්දරේ" නමින් ප්‍රකට වෙලා හිටිය රජවාසල කවටයාගේ පිළිරුවක්‌ අපිට හමුවෙනවා. එතැන ඉඳින් තවත් මීටර් දෙතුන් සීයක්‌ රට තුළට ගියහම තමයි අන්දරේගේ සොහොන හමුවන්නෙ. ඔහුට ගරු කිරීමක්‌ වශයෙන් මෙතැන හරි අපූරුවට සොහොන් කොත නිර්මාණය කරල තියෙන බවත් අපි සිහිපත් කළ යුතුයි. ඒ කාර්යය කරල තියෙන්නෙ මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින්. ඇතැම් අය කියන්නෙ අන්දරේ දෙවුන්දර කිරළවැල්ලෙ ඉපදුණා කියල. තවත් අය කියන්නෙ අන්දරේ ඉපදුණේ මාතර දික්‌වැල්ලෙ කියල. කොහොම වුණත් ඔහු මහනුවර යුගයේ රජකම් කළ රාජාධිරාජසිංහ (1781-1798) රජතුමාගේ රාජ සභාවෙ කවටයා විදිහට සේවය කළ බවයි කියන්නෙ. ඒ අධිකාරම්වරයකු හැටියට. ඒ වගේම ඔහු හොඳ කවියෙක්‌. ඔහුගේ පළමු කවිය ලෙස සැලකෙන්නෙ ඔහුගේම අප්පච්චිට කියූ කවියක්‌ලුq. ඒ ඔහුට දුන්න දඬුවමක්‌ ලිහිsල් කරගන්න.

වැස්‌ස තද නිසා සීතල වැඩි වෙච්චි
ඇඟපත වෙවුළාය සන්නිය ළං වෙච්චි
එලොව පොල් පෙනෙයි අද නම් වැරදිච්චි
හොඳ හැටි ගෙයි දොයිද මගෙ බුදු අප්පොච්චි

ඔහුගේ අවසන් කවිය බව සැලකෙන්නේ කොතරම් රාජ ගෞරව, සැප සම්පත් ලැබුණත් දිය පොදක්‌ පිපාසෙට නැතිව හම්බන්තොට තිස්‌සමහාරාම පාරෙදී තම උපන් ගමට යන ගමන් ගහක්‌ යටදී රෝගාතුරව මිය යැමට සිදුවුණු අවස්‌ථාවේදී කියෑවුණු කවියක්‌.

රිදී කළේ රන් කොතලේ බීපු මට
නිකම් කළේ පැන් නැතිවිය පිපාසෙට
කොට්‌ට මෙට්‌ට ඇඳ ඇතිරිලි තිබු මට
මැරෙන්නට වුණේ පළු වීර ගස්‌ යට

සද්ද විද්ද පළඟ පතිර රාජපක්‍ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ අධිකාරම් ලෙස ප්‍රකටව සිටි අන්දරේගේ සොහොනට ගොස්‌ මේ අසහාය විකටයා ගැනත් කතා කරන්න ඔන්න අපි අමතක කළේ නෑ.


බූන්දල ජාතික වනෝද්‍යානය

Image is hidden from guests, please register and login to view the Image


මීළඟ අපිට හමුවන්නෙ බූන්දල ජාතික උද්‍යානය. මහලේවායත් කළින් තිබුණෙ මේ උද්‍යාන සීමාවටම අයත් ලවන වගුරක්‌ විදිහට. බූන්දල ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර්ජාතික රැම්සා තෙත් බිම වන අතර මිනිසා සහ ජෛවගෝල රක්‍ෂිතයක්‌ද වන මෙය ශ්‍රී ලංකාවේ 12 වැනි ජාතික උද්‍යානයයි. අක්‌කර 9245 ක්‌ විශාල මෙම උද්‍යානය 2004 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණා. පර්යටනික කුරුල්ලන්ගේ පාරාදීසයක්‌ වන මෙය රජ සියක්‌කාරයා දැනට ශ්‍රී ලංකාවේදී දැකගත හැකි හොඳම පරිසර පද්ධතිය ලෙස සලකනු ලබනවා. එමෙන්ම කැස්‌බෑවන් කැදලි තනන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාතික උද්‍යානයත් බූන්දලයි. උද්‍යානය තුළ කළපු පහක්‌ පිහිටා තිබෙනවා. ඒ, ඇඹිලිකල, බූන්දල, මළල, කෙහොලංකල හා මහලේවායයි. තවත් වගුරු, ලවණ හැල්, වගේම දර්ශණීය වැලි තලාවකින්ද උද්‍යානය සමන්විතයි. මෙහි ඉතා ඉහළ ජෛව විවිධත්වයක්‌ද වාර්තා වෙනවා.

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තුතිය - දේ. සු. ද සොයිසා - බන්දුල මානවඩු


Source : Divaina 2011/02/27


Sat Feb 26, 2011 9:39 pm
Profile
Display posts from previous:  Sort by  
Reply to topic   [ 23 posts ]  Go to page Previous  1, 2, 3  Next

Who is online

Users browsing this forum: No registered users and 1 guest


You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum

Jump to:  
 

Login

Remember Me